2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

රැජිනගේ වාර්තාව

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

දෙවැනි එලිසබෙත් මහරැජන වාර්තා පිට වාර්තා තැබූ රාජකීයයාය. තායිලන්තයේ භූමිබෝල් අතුලතේජ් රජු අභාවප්‍රාප්ත වූ පසු රැජන තවත් වාර්තාවක් තැබීමට සමත්වූවාය. එනම් දීර්ඝතම කාලයක් රාජකීයත්වයේ රැඳී සිටි රාජ්‍ය නායිකාව බවට පත්වෙමිනි. 1952 ඇගේ පියා වන 6 වැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු රාජකීයත්වයට පත් ඇය මේ ඉරිදා දිනය වනවිට දවස් 23749ක් රජකිරුළ දරා වාර්තාවක් තබා ඇත. මේ වාර්තාව ඇය සැමරුවේ තම රාජකීය ඉන්ද්‍රනීල මාණික්‍යයන්ගෙන් සැරුසෙමිනි.