2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

රජ මැරතන්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

පසුගිය සති අන්තයේ ලන්ඩනයේ එළිසබෙත් රුජන ඔලිම්පික් උද්‍යානයට රැස්වූ පිරිසට රාජකීය දිවිල්ලක් දැකගන්නට හැකිවිය. කාගේත් සිත් දිනාගත් රාජකීයන් වන කේට්, විලියම් සහ හැරී අතර සිදුවූ මේ ධාවන තරගයෙන් ජයගත්තේ දඟකාර හැරී කුමරුය. 

කේට් කුමරිය තමාගේ පරාජය ගැන වැඩි සිත්තැවුලක් ඇතිකරගත් බවක් නොපෙනුනේ මේ රජ දිවිල්ල මානසික රෝගීන්ට ආධාර පිණිස පැවැත්වෙන සැතපුම් 25ක මහා මැරතන් තරගයක පුහුණුවීම අතරදී සිදුකැරුණක් හෙයිනි. මේ මැරතන් තරගයද එයට සහභාගි වන සංඛ්‍යාව අනුව රාජකීය වූවකි. මේ වසරේ මෙම තරගය සඳහා 38,000කට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිතය.