2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ට්‍රම්ප්- ෂී ජින් පින් හමුවක්: මර්කල් ගුවනේ අතරමං!

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ජී.20 සමුළුව අතරතුර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවීමට කලින් නියමිතව තිබුණි. කෙසේ වෙතත් රුසියාව විසින් යුක්රේන යාත්‍රා 03ක් සිය භාරයට ගැනීමට ගත් පියවර හේතුවෙන් අදාළ හමුව අවලංගු කිරීමට තමන්ට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් G20 සමුළුව අතරතුර පැවැත්වීමට නියමිතය.

මාධ්‍ය පවසන්නේ එහිදී දෙරටම එකිනෙකා අතර පනවා ඇති වෙළඳ සම්බාධක පිළිබඳවද සාකච්ඡා කරනු ඇති බවයි. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබුණේ අමෙරිකාවට ආනයනය කරන චීන භාණ්ඩ සඳහා පනවා ඇති ඩොලර් බිලියන 200ක වෙළඳ සම්බාධකය ඩොලර් බිලියන 267ක් දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි. මේ හමුව ගැන පළව ඇති තවත් මතයක් වන්නෙ ජී.20 සමුළුව අතරතුර සිදුවීමට නියමිත හමුවේදීද දෙරටේ වෙළඳ සම්බාධක අඩු කරගැනීමක් සිදු නොවනු ඇති බවයි.

මේ අතර ජර්මන් චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ජී.20 සමුළුවට සහභාගිවීම සඳහා ආර්ජන්ටිනාව බලා ගමන් කරමින් සිටි යානය කාර්මික දෝෂයකට ලක්වීමෙන් හදිසියේ නැවත ගොඩබස්වා ඇත. ජර්මනියේ බර්ලින් නුවර සිට යානය ගුවන්ගත වී මඳ වේලාවකින් නැවත ගොඩබැස්වීමට සිදුව තිබේ.

බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ යානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂ කිහිපයක් මෙයට හේතුව බවයි. ජර්මන් චාන්ස්ලර්වරිය ඇතුළු නියෝජිත පිරිසට කිසිදු හානියක් සිදුව නොමැති අතර ඔවුන් එක්දිනක් පමා වී ආර්ජන්ටිනාව බලා පිටත්ව යාමට නියමිතය. මේ හේතුවෙන් ජර්මන් චාන්ස්ලර්වරියට ජී.20 සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00