2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ජෙරුසලම යුදෙව් ආගමිකයකුට

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 180

ජෙරුසලම් නගරයේ පුරපති තනතුර සඳහා තරග වැදුණු යුදෙව් ආගමික අපේක්ෂකයෙක් ඉන් ජයග්‍රහණය කර ඇත. මීට සති දෙකකට ඉහතදී පැවති මැතිවරණයේදී ජෙරුසෙලමේ පුරපති තනතුර සඳහා අපේක්ෂකයන් 5 දෙනෙකු තරග කළ අතර ඔවුන් කිසිවෙකුටත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය බහුතරය ලබාගැනීමට හැකිවූයේ නැත. එහි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර අඟහරුවාදා පැවති අවසන් වටයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව යුදෙව් ආගමික මෝෂේ ලයන් 52%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කර ඇත.

1967 අරාබි-ඊශ්‍රායල් යුද්ධයේ දී ඊට පෙර ජෝර්දානය විසින් අල්ලාගෙන සිටි නැ‍ගෙනහිර ජෙරුසලම තම ග්‍රහණයට ගැනීමට ඊශ්‍රායලය ක්‍රියා කළේය. එතැන් සිට ඊශ්‍රායලයේ අප්‍රකාශිත අගනුවර ලෙස ඔවුන් සලකන්නේද ජෙරුසලමයි. පසුගියදා එහි පුරපති ධුරය සඳහා මැතිවරණය පැවැත්වුණු අතර එහි  පුරපති ලෙස තේරී පත් වූ මෝෂේ ලයන් නමැති මෙම යුදෙව් ආගමිකයා හට ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සහය හිමි වී නැත.

අගමැතිවරයාගේ ආශිර්වාදය හිමිවූ අපේක්ෂකයා සහ හිටපු නගරාධිපතිවරයා යන දෙදෙනාටම මෙහිදී පරාජය බාරගැනීමට සිදුව ඇත. තවමත් රාජ්‍යයක් වශයෙන් පිළිගැනීමට ලක්ව නැති පලස්තීනය සිය රාජ්‍යයේ නිල නොලත් අගනුවර ලෙස සලකන්නේ නැ‍ගෙනහිර ජෙරුසලමයි. නැගෙනහිර ජෙරුසලම තමන්ට අයත් භූමිභාගයක් බව පලස්තීන වැසියෝ විශ්වාස කරති. එහි පුරපතිවරයා තේරීම සඳහා පැවැති මැතිවරණය සමබන්ධව ඔවුන් තුළ වූයේ දැඩි අප්‍රසාදයකි.