2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

පෘථිවියට ළිඟින්ම අලුත් පෘථිවියට

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 279

පෘථිවියට ආලෝක වර්ෂ 6ක් එපිටින් පිහිටි ආසන්නතම තාරකාවක් වන බර්නාඩ් තාරකාව වටා යන ජීවයට හිතකර බවට සැකකරන නව ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ මෙම ග්‍රහලෝකය සොයාගත් ගිලෙම් ඇන්ග්ලාඩා එස්කූඩ් ඇතුළු කණ්ඩායම පවසන්නේ, ඔවුන් අනාවරණය කරගත් නව ලෝකය පෘථිවියේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට අධික (3.2) බවය.

එය කඳුවලින් ගහන විශාල වායුගෝලයක් සහිත ග්‍රහ ලෝකයක් විය හැකි අතර, .පෘථිවිය වගේම ජලය, හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් ආදිය එහි මතුපිට පෘෂ්ඨය මත ඝනීභවනය වී තිබිය හැකි යැයි තමන් විශ්වාස කරනබවත් තාරකා විද්‍යාඥ ගිලෙම් ඇන්ග්ලාඩා එස්කූඩ්කියා තිබේ. 
සූර්යයා සහ බුධ ග්‍රහයා අතර පවතින දුරට සමාන දුරක් බර්නාඩ් තාරකාව සහ නව ග්‍රහ ලෝකය අතර පවතින අතර, පෘථිවියට වඩාත් සමීප දෙවන ග්‍රහ ලෝකය මෙයයි. පෘථිවියට වඩාත් සමීපතම ග්‍රහයා වන්නේ, 2016 වසරේදී සොයා ගත් Proxima Centauri  b ග්‍රහයායි.
බර්නාඩ් තරකාවේ දීප්තිය සූර්යයාට සාපේක්ෂව 3෴ක් පමණක් වන අතර එහි සූර්ය ශක්තිය අතිශයින් අඩුය. නව ග්‍රහ ලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 150ක් පමණ විය හැකි වුවද, එහි පවතින විශාල වායුගෝලය හේතුවෙන් ජීවයේ පැවැත්මට සුදුසු පරිසරයක් ඇතැයි විද්‍යාඥයින්ගේ මතයයි. බර්නාඩ් තාරකාව වටා මෙම ග්‍රහ ලෝකයට භ්‍රමණය වීම සඳහා ගත වන කාලය දින 233ක් බවට ගණනය කර තිබේ.