2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

ඉන්දු-නේපාල පළමු මගී දුම්රිය වැඩට සූදානම්

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 258

ඉන්දියාව සහ නේපාලය අතර පළමු මගී දුම්රිය ධාවන කටයුතු ලබන දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජයනගර් ප්‍රදේශය සහ නේපාලයේ ජනක්පූර් ප්‍රදේශය අතර මෙම මගී දුම්රිය ධාවනය වීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කිලෝමීටර් 34ක දුරින් යුතු දුම්රිය මාර්ගයේ දෛනිකව දුම්රිය ගමන්වාර 04ක් පමණ සිදුකිරීමට සැලසුම් කර ඇත. දේශසීමා හරහා ගමන් කිරීමක් මෙහිදී සිදුවුවද ඉන්දීය සහ නේපාල ජාතිකයින්ට ඒ සඳහා වීසා ලබාගැනීම අවශ්‍ය නොවන බවද බලධාරීන් ප්‍රකාශ කර තිබේ.