2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

යුරෝපයට පැන්න 2000ක් ගිලෙති!

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

ජිනීවා නුවර අඟහරුවාදා පැවැති සමුළුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ආයතනය යුරෝපීය රටවල්වලට ඇතුළු වීම සඳහා මුහුදු මාර්ග ඔස්සේ ගමන් කළ සරණාගතයින් දෙදහසකට අධික පිරිසක් දියේ ගිලීමෙන් මියගොස් ඇති බව කීවේය. එම ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පසුගිය සතියේදී පුද්ගලයින් 17 දෙනෙකුගේ මළ සිරුරු ස්පාඤ්ඤ මුහුදු ප්‍රදේශයක තිබී සොයාගත් බවයි.

යුරෝපීය රටවල් සඳහා ගමන් කිරීමට බොහෝමයක් සරණාගතයන් මධ්‍යධරණී මුහුද යොදාගන්නා අතර එම මුහුදු මාර්ගයන් ඉතා අවදානම්ය. විදෙස් මාධ්‍ය වාර්තා තහවුරැ කරන්නේ මෙම වසරේදී පමණක් සරණාගතයින් හා දේශපාලන රැකවරණය පතන්නන්  එක්ලක්ෂ පන්දහසක් පමණ යුරෝපීය රටවලට ගොස් ඇති බවයි.