2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

ලෝකයේ උසම සමගියේ ප්‍රතිමාව ඉන්දියාවේ!

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 215

මීටර 100ක් උසින්, එනම් ප්‍රතිමාවේ ළය ප්‍රදේශයට වන්නට නැරඹුම් කවුළුවක් ද මෙහි සකස් කර තිබේ. තත්ත්පරයට මීටර 4ක වේගයෙන් ගමන් කරන සෝපානයක් මෙහි අභ්‍යන්තරයේ සවිකර තිබේ. නැරැඹුම් 35 මැදිරියට යන අයකුට නර්මදා නදී තීරයත් සත්පුර කඳුවැටියත් ඇතුළත් විචිත්‍ර දසුනක් නැරුඹීමේ වාසනාව උදා වේ. ඒ අසලම ප්‍රතිමාව තුළම පවත්වාගෙන යන ශ්‍රේෂ්ඨ භාරත් භවාන් හෝටලයෙන් ඉන්දියානු සහ ලෝකයේ ඕනෑම වර්ගයේ රස කෑමවේලක් ලබාගත හැකිය. මෙය තුළ විශාල ශ්‍රවණාගාරයක් සහ  පටේල් කෞතුකාගාරය ද පවතී. ඉන්දියාවේ නවතම සංචාරක ආකර්ෂණය බවට පත්වන්නට නියමිත මේ ලොව උසම ප්‍රතිමාව අසල වර්ග හෙක්ටයාර 240ක් පුරා පැතිර ගිය උද්‍යානයක්ද දක්නට ලැබේ. කිලෝමීටර 17ක් දිගට එකයායට මල් පිපුණු පුෂ්ප තීරයක්ද නිමකිරීමට බලාපොරොත්තු වේ. ප්‍රතිමාව දෙපස එකක කූඩාරම් 250 බැගින් වූ කූඩාරම් නගර දෙක අතිනවීන පහසුකම්වලින් අනූනය. හොඳම සංචාරක ආකර්ෂණය වන්නට නියමිත සමගි ප්‍රතිමා පරිශ්‍රයට ඇතුළුවීම සඳහා රුපියල් 120ක්ද ඉහළ නැරඹුම් මැදිරිය කරා යාමට රුපියල් 350ක්ද අය කරයි. දිනකට 10000කට වැඩි සංචාරක පිරිසක් මෙහි පැමිණීමට නියමිතය.

කොන්ක්‍රිට් යකඩ සහ ලෝකඩවලින් තැනූ මෙය ඉදිකිරීම ආරම්භ කළේ 2013 වසරේදීය. එය, පසුගිය ඔක්තෝබර් 31 වැනිදා විවෘත කරන ලදී. ඉන්දීය නිදහස් සටනේදී කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ, නිදහස් ඉන්දියාවේ පළමු උප අග්‍රමාත්‍යවරයා ද වන සර්දාර් වල්ලාභායි පටෙල් “ඉන්දියාවේ යකඩ මිනිසා” (Iron Man of India) යනුවෙන් විරුදාවලි ලබන්නාය. සර්දාර් පටෙල්ගේ උරුමය, ඉන්දියාවේ හින්දු ජාතිවාදී දේශපාලනඥයන් විසින් නිරතුරුවම සිය දේශපාලනයේදී වර නැගීම සිදුවේ. කොංග්‍රස් පක්ෂය හෙවත් නේරු පෙළපතේ දේශපාලනය කැපීපෙනීම අඩුකිරීමට නම් යොදාගත යුත්තේ සර්දාර් පටෙල් වැනි අයකුගේ දැවැන්ත ප්‍රතිරූපය බවට භාරතීය ජනතා පක්ෂය තුළ විශ්වාසයක් තිබේ.

කම්කරුවන් 2500ක් පමණ දෙනා මෙම ප්‍රතිමාව ඉදිකිරීම සඳහා යොදවා සිටි අතර, චීනය සමඟ එතරම් හොඳ හිතක් නැතත්, චීනයේ සිට පැමිණි සංක්‍රමණික කම්කරුවන් සිය ගණනක්ද මෙම ප්‍රතිමාවේ වැඩ කටයුතු සඳහා එක් වී සිටින ආකාරය දැකගත හැකි විය. ලෝකයේ උසම ප්‍රතිමාව ලෙස මෙතෙක් සැලකුණේ චීනයේ මීටර 128ක් උස Spring Temple Buddha ප්‍රතිමාවයි. ඉන්දියාව මේ වාර්තාව කඩමින් නව වාර්තාවක් මෙසේ පිහිටුවීම සඳහා ඉන්දීය රුපියල් බිලියන 29.9ක් වැය කරමින් සිටියි. එය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 430කට සමානය. මෙය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පූර්ණ අනුමැතිය මත සිදුකරනු ලබන්නකි. මෝදි වසර 2013 සිට ඇරැඹි මහජන ව්‍යාපෘතියක් අනුව රටේ සෑම ප්‍රදේශයකින්ම එකතු කළ පස් සාම්පල යොදා සමගි පවුර “Wall of Unity” මේ අසල ඉදිකර තිබේ.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00