2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ඉන්දියාව තෙල් මිල බස්සයි

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

නොදැරිය හැකි මට්ටමින් ඉහළ යන තෙල් මිල හමුවේ ජනතාවට සහන සැලසීමට ඉන්දියානු රජය පියවර ගෙන තිබේ. මුදල් ඇමැති අරුන් ජෙට්ලි ප්‍රකාශ කළේ තෙල් මිල සහනයක් පැනැවීමට දේශීය තෙල් කොම්පැනි සමඟ රජය එකඟතාවකට පැමිණි බවය.

ඒ අනුව ලීටරයකට රුපියල් 2.50ක සහනයක් පාරිභෝගික ජනතාවට සැලසීමට නියමිතය. මෙහිදී රජය පැත්තෙන් කොම්පැනිවලට බදු සහනයක් ලබාදීමටද තීන්දු කර තිබේ. ඒ හැරත් මෝදි රජය තෙල් කොම්පැනිවලට විදෙස් වාණිජ ණය ලබා ගැනීමේ සීමාව ඩොලර් මිලියන 750 සිට බිලියන 10 දක්වා ඉහළ දමා තිබේ. ලෝක වෙළෙඳපළේ තෙල් මිල ඉහළ යාම පමණක් නොව අමෙරිකාව මගින් පනවා ඇති අධික පොලී මුදලද දේශීය වශයෙන් තෙල් මිල නොසිතූ විරූ මට්ටමට ඉහළ යාමට හේතු වී තිබේ. රජය මේ බර කරට ගෙන ජනතාවට සහනය ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා කියා තිබේ.