2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

සූරිය පවුලට අලුත්ම ග්‍රහයෙක්!

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

සූරිය පවුලට අලුත්ම ග්‍රහයෙක්! 

සුර්ය ග්‍රහ මණ්ඩලයට අයත්ව ඈතින්ම පිහිටා ඇති ග්‍රහ ලොව සොයාගෙන තිබේ. ප්ලූටෝ ග්‍රහ ලොව සිට සැතපුම් බිලියන ගණනාවක් ඇතින් පිහිටා ඇති කුඩාම ග්‍රහ ලොවකි මේ. තවමත් සොයාගෙන නොමැති නවවැනි ග්‍රහයා හෙවත් එක්ස් නමැති යෝධ ග්‍රහයාගේ බලපෑම නිසා මෙම පුංචි ලෝකය එක් පසෙකට වඩාත් ඇදී ගිය ගමන් මාර්ගයක සංචාරය කරන නිසාම මෙය මෙතෙක් හඳුනාගැනීම දුෂ්කරව තිබූ බව වාර්තාවේ.

ගොබ්ලින් ලෙස හඳුන්වා ඇති මේ හුරුබුහුටි ග්‍රහයා මුලින්ම 2015 වසරේ හැලෝවින සමයේ හඳුනාගන්නා ලදී. එකල මෙය 2015ටීජී387 ලෙස නම් කැරිණි. යන්තම් සැතපුම් 186ක  විෂ්කම්භයකින් යුතු මෙය හිරු වටා යාමට වසර 44000ක කාලයක් ගතකරන අතර එයින් සියයට 99කම කාලයක් පවතින්නෙ මහපොළොවේ සිට නිරීක්ෂණය අපහසු තරම් දුරකිනි.   

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00