2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

භෞතික විද්‍යා නොබෙල් තෑග්ග කාන්තාවකට

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 165

භෞතික විද්‍යා නොබෙල් තෑග්ග කාන්තාවකට

 

වසර 55කට පසු භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමි වී තිබේ. ඒ කැනඩාවේ ජීවත්වන ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ්හටය. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ්ට මෙම වසරේ ලැබුණ ත්‍යාගය එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් සහ ප්‍රංශයේ ජෙරාර්ඩ් මෞරු අතර සමසේ බෙදිණි. 1903 වර්ෂයේදී මාරි කියුරි සහ 1963 දී මරියා ගෝපට්-මේයර් මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ. ඒ අනුව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් මෙම සම්මානය දිනාගත් තෙවෙනි කාන්තාව බවට ඉතිහාසගත වනු ඇත.

භෞතික විද්‍යාවේ ඇති ලේසර් ක්‍රම පිළිබඳ සිදුකළ නව සොයාගැනීම් වෙනුවෙන් මෙම  නොබෙල් ත්‍යාගය හිමි වී ඇත. ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි ‘ආලෝක අඬූවක්’ ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමයක් වැඩිදියුණු කිරීමට ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් කටයුතු කර තිබේ. මෙකී ලේසර් ක්‍රමය මගින් මෙතෙක් සොයාගත් කෙටිම සහ වේගවත්ම ලේසර් කිරණ නිර්මාණය කිරීමට හැකිය. මෙය පිළිකා සඳහා මෙන්ම, වසරකට සිදු කෙරෙන මිලියන ගණනක් ලේසර් අක්ෂි ශල්‍යකර්ම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00