2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

ලෝකෙට විස බෙදන අමෙරිකානු හොර කම්මල

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

ලෝකෙට විස බෙදන අමෙරිකානු හොර කම්මල

ඖෂධ පරීක්ෂණාගාරයක මුවාවෙන් ජෝර්ජියාවේ පවත්වාගන ගිය ජෛව ආයුධ නිෂ්පාදනාගාරයක් ගැන අමෙරිකාවට චෝදනා එල්ල වී තිබේ. මේ චෝදනාව එල්ල කරන්නේ රුසියාවේ ආරක්ෂක ඇමැතිවරයාය.

ජෝර්ජියාවේ ටිබිලිසි නුවර පවත්වාගෙන ගිය මේ පර් යේෂණාගාරය තුළ හෙපටයිටිස් සී සුව කිරීමට යොදාගත හැකි සොවාල්දි නමැති  ඖෂධයක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඒ හේතුවෙන් 73 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවීමත් සමඟ මේ සැකය එළියට  පැමිණ තිබේ. මෙම සමාගම අමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රුම්ස්ෆෙල්ඩ් අධ්‍යක්ෂ ධූරය දරන කැලිෆෝනියාවේ මවු ආයතනය පිහිටා තිබෙන සමාගමකි. එකල රුම්ස්ෆෙල්ඩ් පෙන්ටගනයේ ප්‍රධානියාය. විදේශ රටවල ආචාර ධර්ම විරෝධී ලෙස මිනිසුන් යොදාගනිමින් මාරාන්තික රසායන පරීක්ෂාව සම්බන්ධව ඒ සමයේ අමෙරිකාවට චෝදනා එල්ල වී තිබුණි. ජෝර්ජියානු පරීක්ෂණාගාරය ද ලෝකය පුරා විහිද ගිය පෙන්ටගනය මගින් පාලනය වන මාරක විස නිපදවන ජෛව ආයුධ බලාගාරයක් ලෙස සැක පළව තිබේ.