2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ලෝක සමුළුවේ මුල්ම බබා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

මෙවර එක්සත් ජාතින්ගේ සාම මණ්ඩල සැසිය සුවිශේෂී අමුත්තියක නිසා වර්ණවත් විය. ඇය යාන්තම් මාස 3 සපිරුණු බිළිඳියකි. ලෝකේ ලොකුම බරපතළ දේශපාලන ලොක්කොත් බබාලා සේ හැසිරෙන නිසා සැබෑවටම එතැනට බබෙකුගේ පැමිණීම ඔවුන් තක්කු මුක්කු කිරීමට සමත් වූ සෙයකි. ඒ නිසාමදෝ ලෝක ජනමාධ්‍ය සියල්ලම පාහේ එක්සත් ජාතින්ගේ ඉතිහාසයේ ප්‍රථමවරට සැබෑ බබෙකුගේ ආගමනය ඉහළින්ම වාර්තා කර තිබුණි.

මේ බබාට ලබාදුන් හැඳුනුම් පතේද “මුල්ම බබා” ලෙස සටහන්ව තිබුණි. මේ බබාගේ අම්මා ද ප්‍රසිද්ධ තැනැත්තියකි. ඇය නවසීලන්තයේ වයසින් අඩුම අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩන්ය. එසේම ඇය ධූරයේ රැඳී සිටියදී දරුවෙක් ලද දෙවැනි තැනැත්තිය ද වන්නේය. මුල් තැනැත්තිය බෙනාසීර් භූතෝය. නවසීලන්ත අගමැතිනිය පුංචි දරුවකු හා පැමිණි පළමු රාජ්‍ය නායකයා වන අතර ඇයත් සමඟ සැමියා ද බබාගේ ආයම්මා ද පළමු වතාවට මේ රාජ්‍ය තාන්ත්‍රික සමුළුවට එක්ව සිටියහ.