2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

අභ්‍යාවකාශයේ පතල් හාරයි!

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය මීට පෙර අයිස් වල්ගා තරුවක් මත ගොඩබෑමට සමත් වුවද, රොබෝ රෝවර් උපකරණයක් ග්‍රහ වස්තුවක් මතුපිටට යොමුකරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. වසර බිලියන 4.6ට පෙර සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමෙන් පසු ඉතිරිවූ කොටස්වලින් මෙම ග්‍රහ වස්තු සැකසී ඇත. ඒ අනුව එය පිළිබඳ අධ්‍යයනය මඟින් පෘථිවියේ ඇතිවීම සහ පරිණාමය සම්බන්ධව වටහා ගැනීමට මිනිසාට ආධාරකයක් වනු ඇත.

“රෝවර් උපකරණ දෙකම හොඳ තත්ත්වයේ” පවතින බව ජපාන අභ්‍යවකාශ ඒජන්සිය සෙනසුරාදා තහවුරු කළේය. රෝවර් මගින් හයියාබුසා-2 ඔස්සේ පෘථිවියට එවන ලද ඡායාරූප ද ඉදිරිපත් කර හමාරය. මෙම ව්‍යාපෘතිය යටතේ, ඉදිරි කාලයේදී ග්‍රහකය මත ආවාටයක් නිර්මාණය කිරීම සඳහා පිපිරවීමක් කිරීමට ජපාන අභ්‍යවකාශ ඒජන්සිය සැලසුම් කරයි. ඉන් අනතුරුව ආවාටය තුළ ඇති පිටතට නිරාවරණය නොවූ නැවුම් ගල් කැබලි එකතු කිරීමට හයියාබුසා-2 ඒ ආසන්නයට යැවීමට අපේක්ෂා කෙරේ. එම ගල් කැබලි සාම්පල 2020දී පෘථීවිය මතට ගෙන එන්නට නියමිතය. එයින් අනාවරණය වන ධන නිධාන අනුව අභ්‍යවකාශ පතල් යුගය ඇරැඹෙන්නට නියමිතය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00