2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ලොව පැරණිතම ගැහැනිය ලුසියා ගිනිබත් වෙයි

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 297

ඇමරිකානු මහද්වීපයකින් සොයාගත් පැරණිතම මානව පොසිලය ලෙස දැක්වෙන වසර 12,000ක් පමණ පැරණි ලුසියා සමඟ බ්‍රසීලයේ වසර 200ක් පමණ පැරණි ජාතික කෞතුගාරය ගිනිගෙන විනාශ විය. මේ බ්‍රසීල කෞතුකාගාරය ගින්නෙන් විනාශ වීම සැලකෙන්නේ බ්‍රසීලය පමණක් නොව මුළු ලෝකයම මුහුණදුන් සංස්කෘතික ඛේදවාචකයක් ලෙසය.

රියෝද ජෙනෙයිරෝ නුවර පිහිටා තිබූ මෙම කෞතුකාගාරය, රටේ කෞතුකාගාර විද්‍යාව සම්බන්ධයෙන් පැවති පැරණිතම ආයතනය වේ. එහි අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව වාර්තා වේ. ඇමරිකානු මහද්වීපයන්හි තිබූ පැරණිතම මානව අවශේෂ ඇතුළු අයිතම මිලියන 20ක් පමණ වූ අයිතමයන්ගේ එකතුවක් එහි තිබූ බව විශ්වාස කරන අතර, එයින් වැඩි කොටස දැවී අළු වී යන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ඇමරිකානු මහද්වීපයන් දෙකෙහි (උතුරු ඇමරිකාවේ සහ දකුණු ඇමරිකාවේ) ස්වභාව විද්‍යා ඉතිහාසය සහ මානව විද්‍යා ඉතිහාසය පිළිබඳ වැඩිම සාක්ෂි ප්‍රමාණයක් දරා සිටි ස්ථානයයි.

ඒ අනුව ඩයිනසෝර ඇටකටු මෙන්ම මානව ඉතිහාසයේ පැරණිතම සාමාජිකාව වශයෙන් සැලකෙන ලුසියාගේ පොසිලය ද තැන්පත් කර තිබුණේ මෙහිය. ප්‍රාග් කොළොම්බියානු යුගයට අයත් විවිධ නෂ්ටාවශේෂ මෙන්ම රෝමානු සහ ඊජිප්තු දේශයෙන් ගෙන ආ වස්තූන් රාශියක් ද මෙහි විය.

1818 වසරේදී මෙම ගොඩනැගිල්ල බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය බවට පත් කරන ලද්දේ විද්‍යාත්මක පර් යේෂණයේ ප්‍රවර්ධන කිරීමේ මූලික අරමුණ ඇතිවය. මෙම කෞතුකාගාරය පිහිටා තිබූ ගොඩනැගිල්ල අතීතයේදී පෘතුගාල රාජකීය පවුල පදිංචි ස්ථානය වශයෙන් භාවිතයට ගත් එකකි. එය 200 වැනි සංවත්සරය සැමරුවේ ද මෙම වර්ෂයේදීය.

ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00