2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

නොබෙල් අහිමි විද්‍යාඥවරියට ඇතෙක් බරට සල්ලි

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 274

වසර 44කට ඉහත 1974 වසරේදි නොබෙල් තෑග්ග අත ළඟටම ඇවිත් අහිමිව ගිය විද්‍යාඥවරියකට මේ වන විට ලෝකයේ විද්‍යාත්මක කටයුතු සඳහා පිරිනැමෙන ලොකුම තෑග්ග හිමිව තිබේ. ජොසෙලින් බෙල් බර්නල් තාරකා භෞතික විද්‍යාඥවරිය 20 වැනි සියවසේ මහා සොයාගැනීමක් වන රේඩියෝ තරංග මගින් පමණක් සොයගත හැකි පුපුරා ගිය තරු එළිදරව්ව හේතුවෙන් ඒ සඳහා නිර්දේශ වූවාය.

ඒ වන විට ඇය කේම්බ්‍රිජ් සරසවි සිසුවියකි. මේ නිසා ඩොලර් 124000ක් වූ නොබෙල් තෑග්ගෙන් භාගයක් සඳහා නම් කෙරුණි. ඒ ඇගේ අධීක්ෂකයාය. නමුත් දැන් එම සොයාගැනීම සඳහාම ඇයට ඩොලර් දසලක්ෂ 3ක මහා සල්ලි මල්ලක් හිමිව තිබේ. මේ යෝධ තෑග්ග මාර්ක් සකර් බර්ග්, සර්ජි බ්‍රින්, ප්‍රිස්කාලා, මා හ්‍යූටෙන්ග්, යූරි සහ ජූලියා මිල්නර් ඇතුළු ප්‍රකෝටිපතියන් විසින් අලුතෙන්ම පිරිනමනු ලබන්නකි. එය දැන් ලෝකයේ විද්‍යාත්මක කටයුතු සඳහා පිරිනැමෙන ලොකුම තෑග්ග බවට පත්ව ඇත.