2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියා නව අගමැති ස්කොට් මොරිසන්

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක් පත්විය. පාලක ලිබරල් පක්ෂයේ අති දක්ෂිණාංශික ක්‍රියාකාරියෙකු වන හිටපු සංක්‍රමණික කටයුතු අමැති ස්කොට් මොරිසන් ඒ අනුව වසර දහයක කාලයක් තුළ එරට අගමැති ධුරයට පත්වූ හයවෙනියා බවට පත්වනු ඇත.

අඟහරුවාදා නායකත්ව අර්බුදයක් හටගත්තේ හිටපු අගමැති මැල්කොම් ටර්න්බුල් ගෙන ආ පාරිසරික විපර්යාස පනතකට එරෙහිව හටගත් බෙදීම ඔස්සේය. ඒ අනුව පක්ෂය තුළ නායකත්ව ජන්දයක් පැවැත්වීමට ටර්න්බුල් කටයුතු කළේය. මෙහිදී  නායකත්වයට ඉදිරිපත්වූ පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් අතර තරගයෙන් 45න් 40 ලෙස මොරිසන් වෙත ජන්ද ලැබී තිබුණි. බ්‍රහස්පතින්දා අගමැති ධුරයෙන් ඉවත් වීමට  ටර්න්බුල් කටයුතු කළේය. ස්කොට් මොරිසන් ඒ වෙනුවට අඟමැති වශයෙන් දිවුරුම් දුන්නේය. එරට පෙඩරල් මැතිවරණය 2019 මැයි මස පැවැත්වීමට නියමිතය. ස්කොට් මොරිසන් තද ක්‍රිස්තියානි භක්තිකයෙකු වන අතර සංක්‍රමනික ඇමති කාලයේ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අයෙකි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00