2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

සුළි සුළං භූමි කම්පා රැල්ලක්

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 198

පසුගිය සතිය ලෝකය කැලඹී ගියේ ස්වභාවික විපත් රැසකිනි. ප්‍රබල භූමිකම්පා මෙන්ම සුළි කුණාටු ගැනද වාර්තා ගලා ආවේය. ඒ අතර මහ වැසි ඇද හැලුණේය. පැසිෆික් සාගරයේ හවායි දූපත් 4වන මට්ටමෙ ප්‍රබල කුණාටුවකට ලක්ව තිබේ. හවායි - හොනලූලු  හිලෝ ඕවාහු, මාවුයි, ලහායිනා, මොලකායි යන දූපත් මෙම කුණාටුවට ගොදුරුව තිබේ. හවායි ජාතික කාලගුණ සේවය පවසන්නේ පැයට කිලෝමීටර 155 ක වේගයකින් ලේන් නමැති මෙම කුණාටුව හවායි දූපත් වෙත කඩා වැදුන බවයි. හවායි ආණ්ඩුකාර ඩේවිඩ් ඊජ් සිය ජනතාවට පදිංචිව සිටින ස්ථානවලින් ඉවත්වීමට සූදානම් වන්නැයි දන්වා තිබේ.

අන්තර්ජාතික කාලගුණ වාර්තාවන්ට අනුව මෙවැනි කුණාටුවක් අවසන්වරට හවායි දූපත් වෙත බලපා ඇත්තේ 1959 වර්ෂයේදීය.