2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

අමෙරිකාව ආරක්ෂාව තරකරයි: චීනය සීරුවෙන්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

ආරක්ෂක අය-වැය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 700ක් වෙන්කිරීම සඳහා ඇමරිකානු මහජන නියෝජිත මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය පසුගිය 02 වැනිදා හිමි වූයේය. මේ ඉතිහාසගත යෝධ ආරක්ෂක අය-වැය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අත්සන් තැබීය. මෙවර වෙන්කර ඇති අමෙරිකානු අයවැය හමුවේ වඩාත් කලබලයට පත්ව ඇත්තේ එරට අංක එකේ තරගකරුවා බවට පත්ව ඇති චීනයයි. චීනය පවසන්නේ මීට පෙර ඇමරිකානු ආරක්ෂක අය-වැය සකස් කිරීමේ තේමාව “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” වුවත් මෙවර එය “ක්‍රමෝපාය තරගකාරීත්වය” මත පදනම්ව ඇති බවයි.

ඔවුන් මෙවැනි දැවැන්ත මුදලක් වෙන්කර ඇත්තේ චීනය හා රුසියාවට එරෙහිව ඇමරිකානු යුද බලය ගොඩනැගීම සඳහා බව චීනයේ අදහසයි. චීනයට එරෙහිව යුද බලය ව්‍යාප්ත කිරීම සඳහා ආසියා-පැසිෆික් කලාපය කෙරෙහි ඇමරිකාවේ විශේෂ අවධානය යොමුව ඇති බවත් පැසිෆික් කලාපීය නාවික මෙහෙයුම්වලදී චීනය හුදෙකලා කිරීම ඇමරිකාවේ අභිප්‍රාය වී තිබෙන බවත් චීනය සඳහන් කරයි. ඒ සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි කලාපයේ අතිශය වැදගත් අනෙකුත් රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කරගැනීම සඳහා ඇමරිකාව මෙවැනි අති දැවැන්ත මුදලක් ආරක්ෂක අය-වැය වෙනුවෙන් වෙන්කර ඇති බවයි චීනය පවසන්නේ.

ඒ අතරතුර ඇමරිකාව තුළ චීනය හා සම්බන්ධ කටයුතු ක්‍රමයෙන් හකුළුවාලීම සඳහා ද ට්‍රම්ප් පාලනය කටයුතු කරමින් සිටින බවත් එහි එක් පියවරක් ලෙස ඇමරිකානු විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල චීන භාෂා වැඩසටහන් වෙනුවෙන් වෙන් කරන අරමුදල් කප්පාදු කර ඇති බවත් අනාවරණය වෙයි. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00