2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

මානව හිමිකම් මුල් පුටුව කාන්තාවකට

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බෑචලේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ ලේකම්වරිය ලෙස පත්කර ඇත. මෙම පත් කිරීම එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටර්ස් විසින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී සිදුකළ ඡන්ද විමසීමක් මගින් මිචෙල්  බෑචලේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ ලේකම්වරිය ලෙස තෝරා පත් කර ගනු ලැබිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන සවුදි කුමරා, සෙයිඩ් අල් හුසේන්ගේ ධුර කාලය මේ මස අගදී අවසන් වීමට නියමිතය. ඒ අනුව  සැප්තැම්බර් මස 01වනදා සිට මිචෙල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ ලේකම්වරිය ලෙස කටයුතු කරනු ඇත. චිලියේ ජනාධිපති ධූරය දෙවරක් (2006 – 2010 සහ 2014 - 2018) හෙබවූ වෙරොනිකා මිචෙල් බෑචලේ ජෙරියා සැනිටියාගෝ නුවර 1951 සැප්තැම්බර් 29 උපන්නියකි. ලබන මස සිය 67 වැනි උපන් දින සැමරීමට නියමිත ඇයට හිමිවූ මෙම ලෝක පූජිත තනතුර කලින්ම ලැබුණු උපන්දින තෑග්ගක් වැනිය. වෘත්තිය වෛද්‍යවරියක වන ඇය සෞඛ්‍ය සහ ආරක්ෂක ඇමැති ධුර දැරැවාය. සියයට 62ක ජනවරමකින් ජනපති ධූරයට පත් ඇය 1932න් පසු දෙවරක් එම ධූරයට පත්වූ තැනැත්තිය වුවාය. තමන්ගෙ මවු බස ස්පාඤ්ඤ හැරුණු විට ඉංග්‍රිසි ජර්මන් පෘතුගිසි සහ ප්‍රංශ නිපුණ ඇය සමාජවාදී අදහස් දරන්නියකි.