2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

පාකිස්ථානයේ මුල්ම අප්‍රිකානු මන්ත්‍රීවරිය

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

පසුගියදා පාකිස්තානයේ පැවැති තුන් ඈඳුතු මැතිවරණයෙන් එරට වෙනස්කම් ගණනාවක්ම සිදුවිය. පෙරළිකාර දේශපාලනඥයකු බවට පත්වූ සුපිරි ක්‍රිකට් තරැව ඉම්රාන් ඛාන් බලයට පත්වූ අතර පාකිස්තානයේ අප්‍රිකානු සම්භවයක් සහිත මුල්ම මන්ත්‍රිවරියද තෝරා පත්කර ගන්නට ජනතාව තීන්දු කර තිබේ.

ශතවර්ෂ ගණනාවක් පුරා සින්ද් ප්‍රාන්තයේ දකුණු දිග මුහුදුකරයේ මක්රාන් ප්‍රදේශයට ගොනුවී ජිවත්වන සුළුජන කොටසක් වු අප්‍රිකානු සම්භවයක් සහිත සිදී නමැති මේ ජන කණ්ඩායමට මේ අනුව තමන් ගැන හඬක් නැගිය හැකි නියෝජිතවරියක් ලැබී තිබේ.  “මේ රටේ මහාජන ගංගාව අතර අතරමංව ඉන්න අපේ සංස්කෘතික අනන්‍යතාව රැකගෙන අප්‍රිකානු මූලය ස්ථාවර කරගන සිදි ජන නාමය නොනැසී පවත්වා ගැනීමයි මගේ අරමුණ” නව අප්‍රිකානු මන්ත්‍රීවරිය ටැන්ෂීලා කඹ්රාණි මාධ්‍ය අමතා කියා තිබුණි. සිදිවරු කරච්චියේ ලාරී දිස්ත්‍රික්කයේ දිවිගෙවන අතර මේ ජනතාව බුතෝවරුන්ගේ පාරම්පරික ජන්ද දායකයෝය. බිලාවල් බූතෝ සර්දාරි මුල්වතාවට ඔවුන්ගෙ නියෝජිතවරියකට අවස්ථාව උදාකර දෙන්නට කටයුතු කර තිබේ.

ඉතිහාස කතාවට අනුව මෙම සිදි ජන කණ්ඩායම පැවත එන්නෙ පෘතුගීසින් විසින් වහල් සේවය සඳහා ඉන්දියාවට බලෙන් ගෙන එනලද නැගෙනහිර අප්‍රිකානු ජනතාවගෙනි. මෙයින් බොහෝදෙනා ටැන්සානියානුවන්ය. ඉතිහාසඥයින් පෙන්වා දී ඇත්තේ මේ අයගේ පැරුන්නෝ සොල්දාදුවන්, වෙළෙන්දන්, මුතු කිමිදුම්කරුවන් සහ මුස්ලිම් වන්දනාකරුවන් ලෙස යමක් කමක් ඇතිව ජීවත් වූ සමාජ පිළිගැනීමක් සහිත ඇත්තෝය. ඔවුහු මෝගල් අධිරාජ්‍ය සමයේ ඉහළ තනතුරු දැරූ අතර බ්‍රිතාන්‍ය පාලනය මගින් පීඩිත මට්ටමට ඇද දමනු ලැබූ අය වෙති. පාකිස්තානයේ ජීවත්වන දස දහස්  ගණනකට සීමා වූ මෙම ජන කොටස අප්‍රිකානු ස්වාහිලි බස මිශ්‍ර බලූචී නමැති දේශීය භාෂාවක් කතාකරති. ඉන්දියානු භූමියේ කර්නාටක, ගුජරාට සහ ආන්ද්‍රා ප්‍රදේශ්වලද මේ ජනකොටස දිවි ගෙවති. 

 

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30