2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

සුද්දන් රත් කළ උණු වතුර වැස්සක්!

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 138

අපායේ ගින්දර මේ දවස් වල දැවෙන්නේ යුරෝපයේය. පසුගිය සෙනසුරාදා වැඩිම උෂ්ණත්වය පෘතුගාලයෙන් වාර්තාවෙද්දී අමෙරිකාවේ කැලිෆෝනියාවෙන් අමුතුම වැස්සක් ගැන වාර්තා විය. ඒ, උණුවතුර වැස්සකි. බටහිර ප්‍රාන්තයේ දකුණට වන්නට පිහිටි ඉම්පීරියල් පළාතෙනි. සෙල්සියස් අංශක 48.3ක් වන උණුසුමකින් යුතු මේ වැස්ස සුද්දන් රත්කරන්නට සමත් වූ වැස්සකි. එයට හේතුව උපන්තේකට මෙබඳු උණුවතුර වැස්සක් ගැන ඔවුන් අසාවත් නොතිබූ නිසාය.

මේ උණු වැස්ස නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. කලින් මෙබඳු වැසි වාර්තා වී ඇත්තෙ මක්කම සහ මොරොක්කෝව ආශ්‍රිතවය. ඒ පිළිවෙළින් 2012 ජූනි සහ 2010 ජූලි මාසවලදීය. ඒ කාලයේ වැටුණු වැස්සත් මේ තරම් උණු නැත. වාර්තාගත අන්දමට යාන්තම් සෙන්ටිග්‍රේඩ් අංශක 43ක් පමණි. මෙවර වැටුණු වැස්ස පොළොවට වැටෙන්නට පෙරම වාෂ්ප වී ගියත් හුස්ම හිරකරන බාධාකාරී වාෂ්පවලාවක් ලෙස පැතිර ගොස් ඇත.

මේ වනවිට ලෝකය පුරා උණුසුම් කාලගුණය නොඇසුවිරූ මට්ටමකින් ඉහළ යමින් පවතී උතුරු අර්ධ ගෝලය රත්කරන මේ ගිනියම තවදුරටත් වැඩිවීමට නියමිත බව විද්වත්හු අනතුරු අඟවා තිබේ. ආක්ටික් හිම තලය පවා මේ වනවිට රත්ව ඇත. ෆින්ලන්තයේ කවදාවත් අසා නැති තරම් රස්නයකි. ක්‍යුබෙක් ප්‍රාන්තයෙන් උණුසුම දරා ගත නොහැකිව මියගිය අයගේ මරණ සංඛ්‍යාව 70 තෙක් ඉහළ නැග ඇත. උතුරු අමෙරිකාව, සමස්ත යුරෝපය, ආසියාව මෙන්ම අප්‍රිකාවද අපායේ කුස්සිය බඳුව රත්වී ඇති  බව වාර්තා වේ.

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00