2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ඉන්දුනීසියාවේ තවත් බලවත් කම්පනයක්

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

ඉන්දුනීසියානු දූපත් සමූහයට අයත් ලොම්බොක් දිවයිනේ ඉකුත් ඉරිදා ඇතිවූ භූ කම්පනයෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් සිදුවන අතර තවත් බලවත් කම්පනයක් සිදුවී තිබේ. ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව ප්‍රබලතාව 5.9 ක් ලෙස මෙම කම්පනය සටහන් වී ඇති අතර, ඒ හේතුවෙන් ගොඩනැගිලි කීපයක් ද කඩා වැටී ඇති බව වාර්තාවේ.

ඉරිදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 131 ක් ලෙස නිල වාර්තාවල සඳහන් වන නමුත්, එරට මාධ්‍ය වාර්තා කරන අන්දමට එය 347 ක් පමණ වේ. පුද්ගලයන් 1,400 ක් ඉක්මවා තුවාල ලබා ඇති බවත් 156,000 ක් පමණ පිරිසක් අවතැන් වී ඇති බවත් රජය පවසයි.

අලුතෙන් ඇතිවූ භූ කම්පනය දිවයිනේ වයඹ දිග වෙරළ ආසන්නයේ සිදුවූ අතර, ඒ හේතුවෙන් කලබල වූ පිරිස් නගරයේ මාවත් දිගේ දුවන්නට වූහ. මැග්නිටියුඩ් 6.2 ක් ලෙස ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කරන මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැත. නමුත්, ඉරිදා ඇතිවූ විශාල භූ චලනයෙන් අනතුරුව සිදු වූ කම්පන මාලාවේ බලවත්ම කම්පනය මෙය බව සැළකේ.

 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30