2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

මැක්සිකෝවේ ගුවන් මාරකය

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ මගී ගුවන් යානයේ සිටි පිරිස හාස්කමකින් මෙන් දිවි බේරාගන්නට සමත් වූහ. මගීන් 101 දෙනෙකු රැගත් ගුවන් යානය කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් 85 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.

මගීන් 97 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 4 දෙනෙකු රැගත් එරෝ මෙක්සිකෝ ගුවන් සේවයට අයත් AM 2431 යානය අනතුරට ලක්වූයේ ගුවාඩලුපේ වික්ටෝරියා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මෙක්සිකෝ සිටි අගනගරය කරා පියාසර කරමින් සිටින අතරතුරය. අනතුරට පත් වනවිට යානය ගුවන්තොටුපොළින් පිටත්ව සැතපුම් 6ක් පියාසර කර තිබිණි.

අධික වර්ෂාව මධ්‍යයේ යානය ගුවන්ගත කර ඇති අතර අනතුරට හේතුව අයහපත් කාලගුණ තත්ත්වය බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති. මෙම අනතුරට පසු ගුවාඩලුපේ වික්ටෝරියා ගුවන්තොටුපොළ වසා දැමිණි.

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00