2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

තායිලන්ත ලෙන් මෙහෙයුම බිතුසිතුවමකට

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

තායිලන්තයේ චියන්ග් රායි හි මේ දිනවල දැවැන්ත බිතු සිතුවමක් නිර්මාණය වෙමින් පවතියි. ලෝකයේම අවධානය දිනාගන්නට සමත් වූ තායිලන්ත පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරු සිර වී සිටි ගුහාවෙන් බේරාගැනීමට දායක වූ සියලු දෙනාට උපහාර පිණිසත්, ඒ සඳහා ක්‍රියාත්මක කළ විශිෂ්ට මෙහෙයුම සිහිවීම පිණිසත් මේ නිර්මාණය සිදුවෙයි.

මේ බිතු සිතුවම සඳහා දායකත්වය ලබාදෙන්නේ දේශීය චිත්‍ර ශිල්පීන් පිරිසකි. පාපන්දු කණ්ඩායම බේරාගැනීමේ මෙහෙයුමේ දී මියගිය තායි නාවික සීල් කිමිදුම්කරු සමන් ගුනන්ට මේ සිතුවමේ විශේෂ ස්ථානයක් වෙන් කර දී තිබේ. මේ සියලුදෙනා පසුගිය සතියේ තාවකාලික පැවිදි බව ලැබූ ආකාරයද ජාත්‍යන්තරව දැඩි අවධානය හිමි කරගත් ප්‍රවෘත්තියක් විය.

දිවි ගලවා ගැනීමේ දැවැන්ත මෙහෙයුම සඳහා එක්වූ දෙස් විදෙස් විශිෂ්ටයන් තායිලන්තයේ සදාකල් ජීවමාන කරන්නට මේ නිර්මාණය සමත්වනු ඇති බව පවසන චියැන්ග් රායි ආණ්ඩුකාර නරොන්ග්සක් ඔසත්තනකොර්න් වැඩිදුරටත් සඳහන් කළේ මේ ගුහා සංකීර්ණ පරිශ්‍රය ඉදිරියේදී ජීවමාන කෞතුකාරයක් වනු ඇති බවයි.