2018 ජුලි 14 වන සෙනසුරාදා

ජැක්සන්ගේ දොස්තරගෙන් අමුතු කතාවක්

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 432

මයිකල් ජැක්සන්ගේ පියා ජෝ ජැක්සන් පසුගියදා මිය ගියේය. ඔහුගේ අවසන් කටයුතු නිමවෙන්නටත් පෙර ජැක්සන්ගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කොන්රඩ් මරේ අමුතු කතාවක් ලෝකයට එළිදරව් කළේය. මයිකල්ගේ පියා ඔහු ඉතා කුඩා කළ සිටම ඖෂධ මගින් කර ඇඹීමකට ලක්කර තිබූ බවටය. වයස අවුරුදු 12 කාලයේ මුහුණේ කුරුලෑ ඉවත් කරන්නට වාගේම උගුරේ හඬ වෙනස්වීම වළක්වන්නට හෝර්මෝන ප්‍රතිකාර ගන්නා ලෙස මයිකල්ගේ පියා ඔහුට බලකර තිබේ.

මයිකල් සතු උච්ඡ තාරතාවයකින් යුතු ස්ත්‍රී ලාලිත්‍යයෙන් අනූන විශ්මිත කටහඬ ද්විතියික පුරුෂ ලක්ෂණ පහළ වීමේදි හෙවත් වැඩිහිටියකු වීමේදී නැතිව යනු ඇතැයි බිය වූ පියා ඔහුට හෝර්මෝන පෙති මගින් වැඩිහිටි පුරුෂයකු බවට පත්වීමේ ස්වභාවික පෙරැළිය පමා කරන්නට තරවටු කළ බව මයිකල් තමා හා කීවේ යැයි දොස්තර මරේ කියා ඇත. මයිකල්ගේ පියා 2010දී දොස්තර මරේට එරෙහිව නඩු පවරා තිබූ අතර, පසුව එය අත්හැර දැමිණි. ඒත් පසුව දෙවසරක් සිරගත වූ අතර ඔහුගේ වෛද්‍ය ලැයිසම ප්‍රාන්ත තුනක තවමත් තහනම්ය.