2018 ජුලි 14 වන සෙනසුරාදා

සාතන්ගේ නගරය

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 292

ලොව වැඩිම මිනීමැරුම් අනුපාතය ඇති නගරය හොන්ඩුරාස්‌හි සැන් සැන් පෙඩ්‍රාසුලාය. පසුගිය වසරේ එහි මිනීමැරුම් අනුපාතය වැසියන් 100,000 කට 170කි. ඇමරිකාවේ බිහිසුණුම නගරය යැයි සැලකෙන නිව් ඕර්ලීන්ස්‌ හි මේ අනුපාතය වැසියන් 100,000කට 56.13 කි. මැක්සිකානු ජනතා බුද්ධි මණ්ඩලයක් වන Mexican think tank Citizen Council මගින් කළ සමීක්‌ෂණයකට අනුව මේ බව වාර්තාවේ.

සැන් පෙඩ්‍රාසුලාහි සෑම පැය එකයි කාලකට වතාවක්‌ම මිනීමැරැමක්‌ සිදුවන බවත් ඒ මරණවලින් 97%ක්‌ ම නොවිසඳුණු අබිරහස්‌ වන බවත් වාර්තා වේ. සැන් පෙඩ්‍රාසුලා නගරයේ අවමංගල්‍ය සේවා ආයතන දිවා රෑ වැඩය. එම නගරය තුළ මරණ එතරම් සුලබය. දවසේ පැය විසිහතරෙන් කොයි මොහොතක හෝ අලුත් මළසිරුරක්‌ වරදින්නේම නැත.

කොටින්ම කුකුළු පැටියෙකුට පවා මිනිස්‌සු මිනීමරණ නගරයක් බවට මෙය දැන් ප්‍රසිද්ධය. ඉස්‌සර අපි සංවිධානය කළේ ස්‌වභාවිකව මියගිය මිනිස්‌සුන්ගේ අවමඟුල් උත්සව. ඒත් දැන් මිනිස්‌සු ස්‌වභාවිකව මැරෙන්න කලින් කාගෙ හරි වෙඩි උණ්‌ඩයකින් මැරෙනවා. සාතන් පදිංචිවෙලා ඉන්නේ මේ සැන් පෙඩ්‍රාසුලාවලම තමයි... යන්න මෙම නගරයේ ජනතාව අතර පැතිර ඇති මතයයි.

විරුකියාවත් දුප්පත්කමත් නගරයේ ප්‍රචණ්‌ඩ කල්ලිවලට වැඩෙන්නට ඉඩහැර ඇතැයි කිවහොත් නිවැරදිය. නගරය පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් රුකියා විරහිත අඩු වයස්‌ තරැණයන් යොදවාගෙන මත් ජාවාරම් කල්ලි පවත්වාගෙන යයි. ඇමරිකාවට එන කොකේන් මත්ද්‍රව්‍යවලින් 80%ක්‌ ම පැමිණෙන්නේ හොන්ඩුරාස්‌ හා මෙක්‌සිකෝව හරහා බව ඇමරිකානු රාජ්‍ය වාර්තා පවසයි.

මේ මත්ද්‍රව්‍ය ජාවාරම් රට ඇතුළත බලය පවත්වාගෙන යාමේ අයිතිය වෙනුවෙන් මත්ද්‍රව්‍ය මාෆියා කල්ලි එකිනෙකා ගැටෙන අතර, මාෆියා කල්ලිවල ප්‍රචණ්‌ඩත්වය නිසා සාමාන්‍ය වැසියන්ගේ ජීවිත පවා අවිනිශ්චිත තත්ත්වයකට වැටී තිබේ. මෙය සාතන් අරක් ගත් නගරය ලෙස නම් ලබා ඇත්තේ ඒ අනුවය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00