2018 ජුලි 14 වන සෙනසුරාදා

මරියා මාරයා චීනයට කඩා වදියි

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

චීනයේ ෆුජියාන් පළාතේ ලියංජියෑංග් ප්‍රදේශයට කඩාවැදුණු මරියා සුළි කුණාටුව හේතුවෙන් වෙරළබඩ නගරවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. සුළි කුණාටුවත් සමඟ මුහුදු රළ මීටර් 10 ක් පමණ උසට නැගුණු බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් වෙරළාසන්නයේ ඉදිකරමින් තිබූ අධිවේගී මාර්ගයක් ද විනාශ වීය. සුළඟත් සමඟ අධික වර්ෂාවක් ඇතිව තිබේ. නැගෙනහිර චීනයේ දසදහසකට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. මරියා සුළි කුණාටුව තවදුරටත් වර්ධනය විය හැකි බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00