2018 ජුලි 07 වන සෙනසුරාදා

පිලිපීනයේ නගරාධිපති බිල්ල

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

පිලිපීන ජනාධිපතිවරයා පාලනය ඇරඹුවේ රටේ මත් ජාවාරම තුරන් කරනා බවට වගාඩම්බර දෙසමිනි. ඒ  අනුව ඔහු රටේ නීතිය ජනතාව අතට  දුන්නේ මත් ජාවාරමුන්ට දුටු තැන වෙඩි තබන ලෙස කියමිනි. එය අවසන් වූයේ පිලිපීනයේ මංමාවත් පුරා ඝාතනයට ලක්වූ සිරුරු දක්නට ලැබීමෙනි. ඒ අතර ජනාධිපතිවරයා ඝාතන ලැයිස්තුවක්ද එළියට දැම්මේ ඔවුන් මත් ජාවාරම්කාරයන්ට උපකාර කරන බවට චෝදනා නගමිනි. මේ ලැයිස්තුවේ වූයේ ඉහළ පෙළේ ප්‍රභූ පිරිසකි. ඒ ලැයිස්තුගත පිරිසට ඉන්පසු ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවිය. එවා බොහෝමයක් ඇඩ්‍රස් නැති මරණ විය. 

එහි අලුත්ම බිල්ල වූයේ මැනිලා අගනුවරට දකුණු දිගින් පිහිටි ටැනූආන් නුවර හිටපු නගරාධිපතිවරයාය. ඇන්ටෝනියෝ හලීලි නම් වූ ඔහුව මහමග වෙඩි තබා ඝාතනය කර තිබුණි. ජාතික ගීය ගයමින් උත්සවයක් විවෘත කරමින් සිටි නගරාධිපතිට නගරශාලා බිමේදීම මෙම වෙඩි පහර එල්ල විය. ජාවාරම්කරුවන් රකින්නෙකු ලෙස පොලීසියේ චෝදනා මත ඔහුට සිය ධූරයෙන් ඉවත් වීමට සිදුව තිබුණි. එසේ වුවද හලීලි මත් ජාවාරම්කරුවන් නගර මාවත් දිගේ ප්‍රසිද්ධියේ ඇවිද්දවමින් දඬුවම් ලබාදුන් ප්‍රබල මත් විරෝධියකු ලෙස කැපීපෙනුනු හාදයෙකි. මීටර 150 පමණ දුර සිට එල්ල වී ඇති ප්‍රහාරය ස්නයිපර්වරයෙකු බඳු පළපුරුදු තැනැත්තෙකුගේ වැඩක් බවට සැක පළව තිබේ. මේ වනවිට නගරාධිපතිවරු 5ක් මෙසේ බිලිගෙන තිබේ. ඔවුන් සියල්ලෝ ඩ්‍යූටර්ටේ ජනාධිපතිවරයාගේ ඝාතන ලැයිස්තුගත හාදයෝය. 2016 සිට පොලිස් මෙහෙයුම් මගින් 4000ක් මියගොසිනි. මත් ජාවාරමුන් අතර යුද්ධයට 12,000ක් බිලි වී හමාරය.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00