2018 ජුලි 07 වන සෙනසුරාදා

කොංගෝ කැලෙත් ඈවරයි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69
විරුන්ගා සහ සැලොන්ගා ලෙස හැඳින්වෙන කොංගෝ ජනරජයට අයත් සදාහරිත වැසි වනාන්තර තුළ ඛණිජ තෙල් ගවේෂණය සඳහා අවසර දී තිබේ.

ඇමේසන් වනාන්තරයට පමණක් විශාලත්වයෙන් දෙවැනි වන සදාහරිත වැසි වනාන්තරයක් ලෙස සැළකෙන කොංගෝ ද්‍රෝණියේ ඉන්ධන ගවේෂණය සඳහා වන කැණීම් සිදුකිරීමට කොංගෝ ජනරජය මගින් අවසර ලබා දී තිබේ.
යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති සැලොන්ගා වනෝද්‍යානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 36,000ක් පමණ වේ. මෙම භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක ඛණිජ තෙල් ගවේෂණයට මේ අනුව අවසර ලැබේ. 
 
මිහිමතින් තුරන්වීමේ අවදානමක් පවතින කඳුකර ගෝරිල්ලන්, කුරු අලි මෙන්ම බොනොබෝ ලෙස හැඳින්වෙන වඳවීමේ තර්ජනයට දැඩිව මුහුණ දී ඇති වානර විශේෂයේ වාසස්ථාන මෙම සදාහරිත වනාන්තර වන අතර ඛණිජ තෙල් කැණීම හරහා සිදුවන වාසස්ථාන විනාශයට එරෙහිව පරිසර සංවිධාන බොහෝමයක් මෙම අවසරය හෙලා දැක තිබේ. කොංගෝව මිටි මිනිසුන් වන දඩයක්කාර පිග්මිවරුන්ටද ප්‍රසිද්ධය.