2018 ජුනි 30 වන සෙනසුරාදා

අපහාසයට උණ්ඩ 5ක්!

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

මේරිලන්ත පුවත්පතේ මාධ්‍යවේදින් 5ක් මරුට

මේරිලන්තයේ අන්නාපොලිස්හි පුවත්පත් කාර්යාලයකට කඩා වැදුණු තුවක්කු කරුවකුගේ ප්‍රහාරයෙන් 5 දෙනෙක් අවසන් හුස්ම හෙළූහ. වෙඩි ප්‍රහාරය සිදුකර ඇත්තේ කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලය තුළය. 38 හැවිරිදි වියේ පසු වන ප්‍රහාරකයා අත්අඩංගුවට පත්ව තිබේ. මොහු අපහාස වන්දි ඉල්ලා 2012දී පමණ පුවත්පතට නඩු දැමූවෙක් වන ජැරඩ් ඩබ්ලිව්. රාමෝස් ලෙස NBC පුවත් සේවය වාර්තා කර තිබේ. 2015දී තීන්දුව ලැබී ඇත්තේ ඔහුට අවාසිදායක ලෙසටය. ෆේස් බුක් ඔස්සේ තමන්ගේ පාසල් කාලයේ මිතුරියකට තර්ජන කිරීම පිළිබඳව පුවත්පත එළිදරව් කර තිබුණි. ජැරඩ් නඩු දැම්මත් නිදොස් බව සනාථ කිරිමට අපොහොසත් විය. එතැන් සිට සමාජ ජාල ඔස්සේ පුවත්පතට තර්ජන එල්ල වී තිබුණි. 
ආතනයේ වීදුරු දොර අතරින් ප්‍රවෘත්ති අංශය වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත. වෙඩි වැදුණු මාධ්‍යවේදීන් 4 දෙනෙකු එතැනදී මියගිය අතර අනෙක් අය රෝහලේදී මියගොස් තිබේ. දෙදෙනෙක් තුවාල ලබා ඇත. 2015 වර්ජිනියාහි සිදු වූ වෙඩි තැබීමකින් රූපවාහිනි මාධ්‍යවේදීන් 2ක් මියගිය  අතර මෑත කාලයේ මෙවැන්නක් වාර්තා වූ මුල්වතාව මෙයයි.
පොලීසිය මෙය හිතාමතා සැලසුම් සහගත එල්ලයකට යොමුකළ ප්‍රහාරයක් ලෙස සලකයි. ප්‍රහාරය සිදුවූ ස්ථානයේ තිබී දුම් අත්බෝම්බයක කොටසක් සොයාගනු ලැබ තිබේ. මෙය ෂොට් ගන් ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇත.

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00