2018 ජුනි 30 වන සෙනසුරාදා

ඉම්රාන් ඛාන් මළවුන්ගෙන් නැගිටියි

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 361

සුපිරි ක්‍රිකට් තරුව ඉම්රාන් දැන් පාකිස්තාන දේශපාලන ගොහොරුවෙන් හිස ඔසොවා එන ජනකාන්ත චරිතයකි. ඛාන්ගේ පක්ෂීයා රජ වන ලකුණු පහළ වී ඇති මේ කාලයේ හදිසියේම සමාජ ජාල ඔස්සෙ එළියට ආවේ රට කළඹන පුවතකි. ලේ වැකුණු ඛාන්  ඔසොවාගන යන අයුරු දැක්වෙන විඩියෝවකි. ඛාන් වෙඩිවැදී මියගිය පුවත තටු ලැබී පියාඹද්දී හදිසියේම එළිදරව් වූයේ මේ කතාව ව්‍යාජයක් බවය.  

පාකිස්තානය ඔහුගේ නායකත්වය යටතේ ලෝක කුසලාන දිනාගත් අතර ලෝකයේ  ලොකුම පිළිකා රෝහලද ඔහු තැනුවේය. දූෂණයෙන් වංචාවෙන් කැළඹිලිකාර පාකිස්තාන දේශපාලනය තුළ පෙරුළිකාර චරිතයක් ලෙස ඔහු හිස ඔසොවා සිටියි. මේ වීඩියෝව  2013 වසරේ  ඡන්ද ව්‍යාපාරය තුළදී ඔහු වේදිකාවෙන් ඇද වැටුණු අවස්ථාවේ ගත් එකක් බව දැන් වාර්තාගතය. නමුත් මෙය හදිසියේ සමාජ ජාලගත වූ ආකාරය තවමත් රහසකි. කෙසේ වුවද මේ බොරු මරණයෙන් ඛාන් කෙතරම් ජනකාන්ත බවක් දිනා ඇතිද යන්න තහවුරු විය. ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය මේ වනවිට ඉදිරියෙන් සිටී. ඛාන් යන යන තැන සෙනඟ පොදි කති. ඔහුගේ ජය සඳහා මෙබඳු බාල උප්පරවැට්ටි මගින් අනුකම්පා ඡන්ද එක් කිරීමට අවශ්‍ය නැති බවට දැන් විවේචන එල්ල වී තිබේ. එන මස 25 වැනිදා මහ මැතිවරණයකට එරට සූදානම්ව සිටියි. මැතිවරණ කොමිසම ඛාන්ගේ සිද්ධියත් සමඟ ජනමාධ්‍ය හැසිරිය යුතු ආකාරය ගැන ආචාර ධර්ම පද්ධතියක්ද හඳුන්වා දී තිබේ.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00