2018 ජුනි 30 වන සෙනසුරාදා

ට්‍රම්ප් - පුටින් හමුවත් ලෑස්තියි

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූටින්, ලබන මාසයේ ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය. ජූලි 16 වෙනි දින පැවැත්වෙන මෙම හමුවේදී දෙරට අතර සම්බන්ධතා සහ ජාතික ආරක්ෂක ගැටලු රුසක්* සාකච්ඡා කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මොස්කව් නුවරදී ජනාධිපති පූටින් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නායකයන් දෙදෙනා අතර හමුව පිළිබඳ බදාදා (ජූනි 27) නිවේදනයක් නිකුත් කෙරිණ. සිරියාවේ යුද්ධය සහ යුක්රේනයේ තත්ත්වය පිළිබඳ සිය රුසියානු මිතුරා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හමුව පිළිබඳ අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉල්ලීමක් අනුව සාකච්ඡා සඳහා ඇති හැකියාව සොයා බැලීම පිණිස තමන් රුසියානු ජනාධිපතිවරයා හමුවූ බව ඇමරිකානු ආරක්ෂක උපදේශකවරයා මාධ්‍ය වෙත පැවසීය. මෙම සමුළුවෙන් පසු රටවල් දෙක අතර සබඳතා වැඩි දියුණු කර ගැනීම නායකයන් දෙදෙනාගේම අරමුණ වී තිබේ. ජෝන් බෝල්ටන් සමඟ පැවති සාකච්ඡාවලින් පසු ව්ලැද්මීර් පූටින් ප්‍රකාශ කර සිටියේ දෙරට අතර සබඳතා නැවතත් ගොඩනැගීම සඳහා බලාපොරොත්තුසහගත තත්ත්වයක් ඇතිවී තිබෙන බවය.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00