2018 ජුනි 23 වන සෙනසුරාදා

ට්‍රම්ප්ගේ අභ්‍යවකාශ බලඇණිය

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ආරක්ෂක හමුදාවේ 6 වැනි බල ඇණිය අභ්‍යවකාශ බලකායක් ලෙස ස්ථාපිත කිරීමට නියෝග කර තිබේ. මෙම නියෝගය ලබාදෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා කීවේ අමෙරිකාව අභ්‍යවකාශය ජය ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එහි ආධිපත්‍යය පැතිරවිය යුතු බවත්ය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත් ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමත් මේ හරහා බලාපොරොත්තු වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණි. ඒ අනුව නැවත සඳ වෙත ඇමරිකානුවන් යැවීමට සහ අඟහරැ වෙත මිනිසුන් යැවීමට පියවර ගන්නා බවටද මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ. පසුගිය සඳුදා ජාතික අභ්‍යවකාශ කවුන්සිලය හමුවූ අවස්ථාවේ පෙන්ටගනය වෙත මෙම නියෝගය ලබා දුන්නේය. ට්‍රම්ප් මාස ගණනක සිට වගාඩම්බර දෙසන මේ අංශය 1947දී අරඹන ලද ගුවන් හමුදාවට එක් කරන ලද අලුත් අංශයකි. නමුත් මේ වනතුරු එහි සැබෑ මෙහෙවර එළිදරව්ව නැත. 

ට්‍රම්ප් මේ කියන්නෙ අභ්‍යවකාශය තුළ අමෙරිකානු ආධිපත්‍යය පැතිරවීම ගැනය. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දක්නට ලැබෙන ආකාරයේ යෝධ යුද යානා, ලේසර් ප්‍රහාරක යානා සහිත අභ්‍යවකාශ යුද්ධයක් ගැනය. එසේ වුවද මෙහි යථාර්ථය ට්‍රම්ප් සිතනවාට වඩා වෙනස්ය. ලෝක ආරක්ෂණ වැඩපිළිවෙළට සම්බන්ධ විද්‍යාඥවරියක වන ලෝරා ග්‍රේගො පෙන්වා දෙන්නේ අමෙරිකානු හමුදාව සඳහා සුපිරි චන්ද්‍රිකා මෙහෙයුම්  බලඇණියක් සහ ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීම මෙහි ඇත්ත කතාව බවයි. සැබෑ ලෙසම 1982 වසරේ සිටම ගුවන්හමුදාවට අනුබද්ධිතව අභ්‍යවකාශ මෙහෙයුම් අංශයක් ක්‍රියාත්මකය. එහි මේ වනවිට 35000ක පිරිසක් සේවයේ යොදා ඇත. 1984 සිට අමෙරිකාව චන්ද්‍රිකා 280ක් පමණ උඩුගුවනට යවා තිබේ. මේවායේ මෙහෙයුම් වන්නේ බිම් හමුදා සඳහා මඟපෙන්වීමයි. 

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00