2018 ජුනි 09 වන සෙනසුරාදා

ගෝතමාලාවට කඩා වැටුණු ගෝතකරුමය

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

පසුගිය ඉරිදා ගෝතමාලාවට කඩාවැටුණු ගිනි කඳු ගෝතකරුමය මහා ඛේදවාචකයක් බවට පත්ව හමාරය. 1974න් පසු මුල්වරට එරට ෆුඑගෝ යමහල විදාරණය වීමෙන් මියගොස් ඇති බවට වාර්තා වූ ගණන මේ වනවිට 100ට වැඩිය. තවත් 192ක් පමණ අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති. 170,000ක් ප්‍රදේශයෙන් ඉවත් කරගන්නට කටයුතු යොදා තිබේ. යමහලෙන් විහිදුන අළු සහ මඩවලින් කන්ද පාමුල පිහිටි ගම්මාන සම්පූර්ණයෙන්ම වැසී ගියේය. මරු හා ආ මාරකය හේතුකොට බොහෝ දෙනා පණපිටින්ම වැළලී ගියහ.

විදාරණය වීමත් සමග වැගිරුණු ලාවා දහර එල් රොඩෙඕ (El Rodeo) ගම්මානය හරහා ගලායාම හේතුවෙන් එහි සිටියවුන් නිවෙස් තුළදීම මියගියහ. මේ හේතුවෙන් ගුවාතමාලාහි ප්‍රධාන ගුවන්තොට වන ගෝතමාලා සිටි අගනුවර ගුවන්තොටුපළ වසා දැමීමට සිදුවිය.

ඉකුත් අඟහරුවාදා නැවතත් යමහල සක්‍රීය වීම හේතුවෙන් විපතට පත් පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල විය. අඟහරුවාදා සිදු වූ පිපිරීමත් සමඟ කිලෝමීටර 10ක් (අඩි 33,000) පමණ දුර අහසට අළු විහිදුන අතර මෙය යමහල් පිළිබඳ විශේෂඥයන්ද පුදුමයට පත් කර ඇත. ෆුඑගෝ යමහල පිහිටියේ ගුවාතමාලා සිටි අගනුවරින් කිලෝමීටර 40 ක් (සැතපුම් 25 ක්) නිරිතදිගිනි. එරට විශේෂඥයන්ට අනුව මෙය 1974 වසරෙන් පසුව වාර්තා වූ විශාලතම විදාරණය වේ. සමාජ මාධ්‍ය වෙත නිකුත්කර ඇති වීඩියෝ දර්ශනවල ලාවා මත පාවෙන මිනිස් සිරුරු දර්ශනය වන අතර අළුවලින් නැහැවුණු පුද්ගලයන් බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටිති.

යමහල ඉරිදා විදාරණය වීමට පෙර ගම්වැසියන්ට අනතුරු අඟවා එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට නොහැකි වූ බව ගුවාතමාලා ආපදා වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂ සර්ගියෝ කැබානාස් පැවසීය. හදිසි තත්ත්වයකදී ක්‍රියාකරන ආකාරය පිළිබඳ ප්‍රදේශවාසීන්ට පුහුණුවක් ලබා දී තිබුණත්, මෙවර යමහල ඉතා වේගයෙන් සක්‍රීය වූ බව ඔහු  කියා ඇත.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00