2018 ජුනි 09 වන සෙනසුරාදා

යුගයේ සාම කතාව මරණයේ දූපතේදී

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් අතර යෝජිත හමුව  සඳහා, සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා දිවයින මේ දිනවල සැරැසෙයි. එහි පිහිටි හෝටලයකදී මේ යුගයේ අපූර්වතම සාම කතාව සිදුවන බව ධවල මන්දිරය තහවුරැ කර තිබේ. සිංගප්පුරු ගූර්කා හමුදාව දැනටමත් ආරක්ෂාව තරකර තිබේ.

මෙම ඓතිහාසික හමුව ජූනි 12 වෙනිදා පැවැත්වීමට නියමිතය. මෙය ලොව නාහෙට නාහන නායකයන් දෙදෙනා මුණගැසෙන පළමු අවස්ථාවය. සැලසුම් ඉතා හොඳින් ඉදිරියට යන බව ජනාධිපති ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා (ජුනි 05) සඳහන් කළේය. විශාල වශයෙන් සම්බන්ධතා ගොඩනැගුණා. සංචාරයට කලින් එකඟතාවන් රැසකට එළඹෙනවා යැයි වාර්තාකරුවන් අමතමින් ඔහු සඳහන් කළේය.

නායක හමුව සිංගප්පුරුවේ තරුපහේ හෝටලයක් වූ කපෙලාහිදී පැවැත්වෙනු ඇති බවට  ධවල මන්දිරය තහවුරු කර තිබේ. නමුත්, දැනට පෙනෙන්නට ඇති පරිදි ජනාධිපති ට්‍රම්ප්  තමන්  මීට පෙරද නවාතැන්ගත් ශැන්ග්‍රිලා හෝටලයේ නැවතීමට ඉඩ තිබේ. උතුරු කොරියානු නායකයා බොහෝවිට ශාන්ත රෙගිස්හි නවතිනු ඇති බව මාධ්‍ය  වාර්තා කරයි. මෙම හෝටල් දෙකම සුප්‍රකට සාප්පු සංකීර්ණ පිහිටි ඕචාර්ඩ් මාර්ගයට ආසන්නව ප්‍රධාන දූපතෙහි පිහිටා ඇත.

හෙක්ටෙයාර 500 ක් පමණ විශාල සෙන්ටෝසා සිංගප්පූරුව නිර්මාණය වී ඇති දූපත් 63කින් එකකි. සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් පිටිවලින් සමන්විත සෙන්ටෝසා ප්‍රධාන දූපතට ආසන්නව පිහිටා තිබේ. එසේම, මුහුදු මංකොල්ලකරුවන් මෙන්ම ලේ වැගිරීම් හා යුද පිළිබඳ අඳුරු අතීතයක්ද එම දූපත හා බැඳී පවතී.

ඉන්දියාව සහ චීනය අතර ප්‍රධාන මුහුදු මාර්ගයේ පිහිටි සිංගප්පූරුව, 19 වෙනි සියවසේ බ්‍රිතාන්‍ය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත විය. බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමට පෙර පවා සිංගප්පූරුව ව්‍යාපාරිකයන් නිතර ගැවසුණ ඉතා දියුණු වෙළඳ මධ්‍යස්ථානයක් වේ. මුහුදු මංකොල්ලකරැවන්ගේ කටයුතු හේතුවෙන් එවක සෙන්ටෝසා දිවයින හඳුන්වන ලද්දේ “මරණය සැඟව ඇති දිවයින” යන අර්ථය සහිත Pulau Blakang Mati ලෙසටය. ඊට“දකුණේ ආලෝකය” තේරුම ඇති සයොනන් (Syonan) යන ජපන් නමද යෙදී තිබේ.

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00