2018 ජුනි 09 වන සෙනසුරාදා

චීනයේදි සුද්දන්ට වමනෙ යන්න කනේ පාරක්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 230

අමෙරිකාව පසුගිය සතියේ චීනයේ ගුවාන්ෂෝහි පිහිටි තානාපති කාර්යාල නිලධරයන් පිරිසක් එරටින් ඉවත් කර ගත්හ. අසාමාන්‍ය ශබ්ද ප්‍රහාරයකින් හටගත් හිසරදය වමනය අවසිහිය සහ මොළයේ කම්පන තත්ත්ව හේතුවෙන් මේ පිරිස රෝගී වූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කරයි. මෙවන් තත්ත්වයක් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයේ සිටින කාර්ය මණ්ඩලයට කලින් දැනුම් දී තිබුණි. ඔවුන් එසේ ඉල්ලීමක් කළේ චීනයේ සේවයේ නියුතු සිය කාර්ය මණ්ඩලයේ එක් නිලධාරියෙක් “ගුප්ත රෝග ලක්ෂණ” පෙන්නුම් කිරීමෙන් අනතුරුවය.

මෙම සිද්ධිය, මෙයට පෙර 2016දී කියුබාවේදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට එල්ල වූ සැකකටයුතු ශබ්ද තරංග ප්‍රහාරයන්ට වෛද්‍ය විද්‍යාත්මකව සමාන බව රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා තිබේ. වෙළඳ යුද්ධයක බිය හේතුවෙන් චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා මෑතකදී බිඳ වැටිණ. මෙම සිද්ධිය ඉතා බරපතළ ලෙස සලකන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ නමුත්, ඒ සම්බන්ධයෙන් සෘජුවම චීනයට චෝදනා නොකළේය. කියුබාවේ සේවය කළ අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, 2016 නොවැම්බරයේදී විෂම අසනීප තත්ත්වයන් පිළිබඳව පැමිණිලි කරන්නට විය. ඒ අතර කැරකැවිල්ල, ඔක්කාරය සහ ශ්‍රවණ ආබාධ ද වාර්තා විය.

ඒ හේතුකොට ඇමෙරිකාව කියුබානු තානාපති කාර්ය මණ්ඩලය ඉවත්කර ගත්තේය. මෙවර එසේ සිදුවන ලකුණු තවම පහළ වී නැත. උතුරු කොරියාව සමඟ අමෙරිකාව සාකච්ඡා අරඹන්නට ඔන්න මෙන්න කියා තිබියදී සිදුවූ මේ සිද්ධිය කලාපයේ උණුසුම් තත්ත්වයකට හේතු වී තිබේ. 

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00