2018 ජුනි 09 වන සෙනසුරාදා

බදු බරට යටවූ ජෝර්දාන අගමැති

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවන ලද කොන්දේසිවලට අදාළව පැනවූ බදු හේතුවෙන් රටේ පැන නැගුණු ජනතා විරෝධතා හමුවේ ජෝර්දාන අගමැති හනී මුල්කී  ඉල්ලා අස්වීය.

අධික බදු සහ මූල්‍ය පාලන පටිපාටියට විරැද්ධව ජෝර්දාන ජනතාව දින ගණනක් තිස්සේ එරට රජයට එරෙහිව උද්ඝෝෂණවල නිරතවිය. එසේම දිගින් දිගටම එරට පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් ඇතිවූ අතර කඳුළු ගෑස් හා මාර්ග බාධක හරහා එම විරෝධතා මැඩ පැවැත්වීමට රජය කටයුතු කර තිබිණි.

නමුත් දිගින් දිගටම එල්ල වූ මහජන විරෝධතා හමුවේ අගමැතිවරයාට අන්තිමේ සිය තනතුරෙන් ඉවත්වීමට සිදුවිය.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00