2018 ජුනි 09 වන සෙනසුරාදා

ජංගම දුරකතන මාවතක්

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ජංගම දුරකතන වෙත දෑස් යොමා ඉබි ගමනින් යන පදිකයන් සඳහාම වෙන් වූ විශේෂ මංතීරුවක් උතුරු දිග චීනයේ නගරයක දක්නට ලැබේ. ෂැන්සි වෙබ් පුවත් සේවය වාර්තා කරන පරිදි තමන් වටා ඇති සියලු දෑ නොසලකා හරිමින් සිය ජංගම දුරකතනය දෙස පමණක් දෑස් යොමා ගමන් කරන පදිකයන් සඳහා ෂී අන් නගරයේ “යන්තා” වීදීයේ මෙම විශේෂ මංතීරුව සකසා ඇත.

රතු, කොළ සහ නිල් පාට තීන්ත ආලේප කර ඇති ඉහත කී විශේෂ මංතීරුවේ පළල සෙන්ටිමීටර 80 ක් වන අතර දිග මීටර 100 කි. මාර්ගය මත ස්මාර්ට් ජංගම දුරකතන පින්තාරු කර ඇති බැවින් එය සාමාන්‍ය පදික වේදිකාවලින් වෙන්කර හඳුනාගත හැකිය. වීදියට මුහුණලා පිහිටා ඇති විශාල සාප්පු සංකීර්ණයකින් කළ බලවත් ඉල්ලීමකට අනුව පදික මංතීරුව ඉදිකර ඇති බව ෂැන්සි වෙබ් පුවත් සේවය පවසයි.

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00