2018 ජුනි 02 වන සෙනසුරාදා

නිකරගුවා මහා ජන විරෝධය

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

ආඥාදායකයකු බවට පත්වෙමින් සිටින ජනාධිපතිවරයාට එරෙහිව මධ්‍යම අමෙරිකානු රාජ්‍යයක් වූ නිකරගුවාවේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා දැන් මාසයක් ඉක්මවා ගොසිනි. මේ වනවිට පුද්ගලයන් 80ට වඩා ඝාතනයට ලක්වී ඇත. 900කට වැඩි තුවාලකරුවෝ සිටිති.  සමාජ ශුභසාධනය සඳහා වෙන්කළ මුදල් කප්පාදුවට එරෙහිව දහස් ගණනක් පුද්ගලයන් සහභාගී වූ මහා ජනරුලියට පොලිසිය වෙඩි තැබීම මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුලික විය. පාලන ක්‍රමය යල්පැන ඇති බව කියන විරෝධතාකරුවෝ නිදහස් සහ විනිවිද භාවයක් සහිත ක්‍රමයක අවශ්‍යතාව මතුකරති

මුලින්ම විශ්‍රාමිකයන්ගෙන් සමන්විත වූ සිය ගණනක විරෝධතාකරුවන් මාර්ගවලට අවතීර්ණ වූහ. නමුත්, රජයට පක්ෂපාත මැර කණ්ඩායම් ඊට පහරදීම වැනි ප්‍රතිචාර දැක්වීම නිසා තවත් දහස් ගණනක් පිරිස ඊට එක්වූහ. පොලීසිය මේ මහා ජන  සන්නිපාතය වැළැක්වීම සඳහා විදි බැස්සාහ. 

දෙපාර්ශ්වයෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවිය. පොලිස් නිලධාරීන් පිරිසක් තුවාල ලැබූ අතර  සාමාන්‍ය පුද්ගලයන් රැසකගේ මරණ, විරෝධතාකරුවන් කුපිත කරවීමට හේතුවිණි. සිදුවීම සජීවීව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදියෙක්ද නාඳුනන පුද්ගලයෙක්ගේ වෙඩි පහරකින් මරණයට පත්විය. සමහරු එම පුවත වාරණයට ලක්කර ඇති බව පවසති. නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඕටෙගා ආඥාදායකයෙක් ලෙස හැසිරෙන බව විරෝධතාකරැවෝ පවසති. තමන් විසින්ම නිපදවන ලද මෝටාර් විරෝධතාකරුවන්ගේ අත සුලබව දකින්නට ලැබුණි.

ජනාධිපති ඔටේගාගේ ආධාරකරුවන්ද එකට එක කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. අපරාධකරුවන් සහ මැර කල්ලි විරෝධතා පිටුපස සිටිනා බව ඔටෙගා පවසයි. පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියා, ප්‍රශ්න ඇතිකරන “කුඩා කණ්ඩායමට එරෙහි නීත්‍යානුකූල ආරක්ෂක ක්‍රියාවක්” බව ජනපති බිරිඳ සහ උප ජනපති ප්‍රකාශ කළාය. විරෝධතාව මෙහෙයවන්නන් අතර තරුණයන් සහ ශිෂ්‍යයන් ප්‍රධාන වේ. ඔවුන් ලියොන් (Leon) හිදී පැනමා - ඇමරිකා ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කර ඇත.
ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේද ඉල්ලා සිටි නමුත් එය තවත් උග්‍ර අතට හැරිණ. ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණයට කන්‍යා සොයුරියන් සහභාගී වී සිටිනු දක්නට ලැබිණ. නිකරගුවාහි ප්‍රබල කතෝලික සභාව ප්‍රචණ්ඩ ක්‍රියා නවතාලීමට මැදහත්ව කටයුතු කරන්නට අපේක්ෂා කරයි. නමුත් පසුගිය සති අන්තයේ රාජ්‍ය විරෝධී පෙළපාලි නැවත හටගත්තේ දහස් ගණන් පිරිස මාර්ගවලට පිවිසීමෙනි.

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00