2018 මැයි 26 වන සෙනසුරාදා

එෆ්-35 රහස් මෙහෙයුමක

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 170

ඊශ්‍රායලය මෑතකදී සිරියාව තුළ ගුවන් ප්‍රහාර ගණනාවක් සිදු කළේය. දැන් එහි අලුත්ම  පියවර ඇරුඹී තිබේ. එෆ් 35 අමෙරිකානු ප්‍රහාරක යානා යොදාගැනීමෙනි. ඊශ්‍රායල් ගුවන් හමුදාවේ ප්‍රධානියා බේරූට් සහ ලෙබනනයට ඉහළ අහසේ ජෙට් යානය පියාසර කරන ආකාරය දැක්වෙන ඡායාරෑප පෙන්වමින් කියා සිටියේ යානා "එකිනෙක වෙනස් පෙරමුණු දෙකකින් දැනටමත් ප්‍රහාර දෙකක් එල්ල කර ඇති" බවය.

එෆ්-35 ලොව මිල අධිකම හමුදා වැඩසටහන ලෙස සැලකෙන අතර එහි පිරිවැය සහ බලාපොරොත්තු වූ සාර්ථකත්වය විවේචනයට ලක් වූ කාරණාය.

එවක ජනාධිපති අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එෆ්-35 යානා නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලක් වැය කිරීම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විවේචනයට ලක් කළේය. එවැනි එක් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් වැය වන බව එකල පැවසුණි.

ඉහත කී ට්විටර් පණිවුඩය හේතුවෙන් පසුගිය වසරේදී අමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්ට එෆ්-35 වැඩසටහන ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමට සිදුවිය.

රටවල් විස්සක ගුවන් හමුදා ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊශ්‍රායලයේ පැවති හමුවකදී මේජර් ජෙනරල් අමිකම් නෝකිං කියා සිටියේ තමන්ගේ එෆ්-35 යානා මැදපෙරදිග කලාපය පුරා පියාසර කරවන බවය. එකිනෙකට වෙනස් පෙරමුණු දෙකකින් දැනටමත් ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙන බවද ඔහු තහවුරු කළේය. ඉලක්කයන් පිළිබඳ ඔහු නිශ්චිත සඳහනක් නොකළේය.

අමෙරිකාවෙන් පිටත මෙම තනි අසුනේ ප්‍රහාරක යානය අත්පත් කරගත් පළමු රට වන ඊශ්‍රායලය වෙත ඔවුන් ඇණවුම් කරන ලද එෆ්-35 යානා පනහ අතරින් නවයක් දැන්  ලැබී ඇත. එම සංඛ්‍යාව හැත්තෑ පහ දක්වා ඉහළ යාමට ඉඩ ඇත.

ලොක්හීඩ් මාර්ටින් සමාගම විසින් වැඩිදියුණු කරන ලද මෙම යානය මුල් වරට පියාසර කළේ 2006 වසරේදීය. අමෙරිකානු ගුවන් හමුදාව, මැරීන් සහ නාවික හමුදාව සඳහා එය නිර්මාණය කර ඇත.

එයට ආවේණික ප්‍රධාන චල්‍යතා කිහිපයකි. එනම් සාම්ප්‍රදායික ගුවන්ගත වීම, කෙටි දුර ගුවන්ගත වීම හා සිරස් ගොඩබැසීම සහ කැටපොළයක් ආකාරයෙන් ක්‍රියාත්මකව ගුවන්ගත වීම.

රහස් බව එහි සුවිශේෂම ලක්ෂණයයි. එහි ආකෘතිය සහ සැලසුම් අමුද්‍රව්‍ය රේඩාර්වලට හසුවීමකින් තොරව පිවිසීමේ හැකියාව නියමුවන්ට හිමි වේ.

සතුරු ගුවන් යානා තමන් දැකීමට පළමු ක්‍රියාත්මක වීම සඳහා උපකරණ එහි සවිකර ඇත. ඒ අනුව ප්‍රහාර එල්ල කිරීම සඳහා අදාළ ඉලක්ක වෙත යානය එක එල්ලේ යොමුව තිබීම අනවශ්‍යය.

යානයේ ඇති සංවේදකයන්, සන්නිවේදන උපකරණ සහ ඉලෙක්ට්‍රොනික ශිල්ප ක්‍රම යානයේ අගය ඉහළ නංවයි. එහි දත්ත ක්ෂණිකව මූලස්ථානය සමඟ හුවමාරු කර ගැනීමද, සතුරු ගුවන් යානා ගමන් මාර්ග නිරීක්ෂණය කිරීමේ හැකියාව ද, රේඩාර් පද්ධති අවහිර කිරීමේ සහ වැළක්වීමේ හැකියාව ද ඊට ඇතුළත්ය. මෙම එෆ්-35 “තීරණාත්මක සාධකයක්" ලෙස ඊශ්‍රායලය වර්ණනා කරයි.

 

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00