2018 මැයි 19 වන සෙනසුරාදා

අලුත්ම එවරස්ට් වාර්තාවක්

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

ඔස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ප්ලේන් ලොව උසම කඳු ශිඛරය වන එවරස්ට් කඳු මුදුන තරණය කර ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ ලොව මහාද්වීප හතේම ඉහළම කඳු ශිඛර අඩුම කාලයකින් තරණය කරමින්. ස්ටීව් ප්ලේන්ට මීටර් 8848ක් එනම්, අඩි 29,030ක් උසැති එවරස්ට් කඳු ශිඛරය තරණය සඳහා දින 117ක් ගත වුණා.

ඒ අනුව මීට පෙර එවරස්ට් කඳු මුදුන තරණය කිරීම සඳහා ගත කර ඇති කාලය දින 126කි. මෙවර එවරස්ට් කඳු නැගීමේ වාරයේ පළමු කඳු නගින්නන් අතර, මීට වසර 4කට පෙර එවරස්ට් තරණයට ගොස් දෙපා අහිමි වී කෘත්‍රිම පාදයෙන් කඳු නගින චීන ජාතික ෂියා බෝයු ද සිටී.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00