2018 මැයි 19 වන සෙනසුරාදා

මැලේසියා හිටපු අගමැති නිවසින් රන්බඩු සල්ලි තොගපිටින් අසුවෙයි !

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්හට ගෙදර යන්නට වූයේ ද දුෂණ වංචා චෝදනා යටතේ ය. බලය අහිමිව සතියක් යන්නටත් පෙර සිකුරාදා දිනයේ ඔහුගේ නිවසට කඩා පැන්න පොලිසියට අරුමෝසම් භාණ්ඩ සමඟ රන්බඩු සහ මුදල් තොග පිටින් සොයාගන්නට හැකිවිය. 

ඩිසයිනර් අරුමෝසම් අත්බෑග් 284ක්, මුදල් රන්බඩු පිර වූ සූට්කේස් 72ක්, ඇතුළු භාණ්ඩ  තොගයක් මේ අතර විය. නජීබ්ට එරෙහි අයථා දූෂණ ගනුදෙනු සොයාබැලීමේ පියවරක් ලෙස මේ වැටලීම සිදුව තිබේ. බ්‍රහස්පතින්දා රාත්‍රී ඇරැඹුණ මේ මෙහෙයුම ක්වාලාලාම්පූර්හි ඔහුගේ නිවාස සංකීර්ණයේදී සිදුවූවකි. නජිබ් බිරියට අයත් මේ අත්බෑග් එකක මිල ඩොලර් 12000 සිට ඩොලර් දෙලක්ෂය දක්වා අධික මිලැති ඒවා බව වාර්තා වේ. 

රජයේ මූල්‍ය අරමුදලින් මුදල් පිල්ලි යැවූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණි. ඩොලර් බිලියන 4.5ක් නජිබ් සහායකයන් යටිමඩි ගසා ඇති බවත් එයින් සෑහෙන කොටසක්  නජීබ්ගේ ගිණුම්වලට වැටුණු අතර එයිනුත් ඩොලර් මිලියන 23ක් නජිබ්ගේ බිරියට රෝස දියමන්ති බෑගයක් මිලට ගෙන දෙන්නට වැයකර ඇති බව අමෙරිකානු පරීක්ෂකයෝ වාර්තා කර තිබේ. මැතිවරණයෙන් පැරදුණු නජීබ් තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00