2018 මැයි 12 වන සෙනසුරාදා

පුටින් දිවුරුම් දෙයි: දහස් ගණනක් අත්අඩංගුවේ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

හතරවැනි වතාවටත්  බලයට පත්වූ පුටින් යළි රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිව්රැම් දීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඇතුළු පුද්ගලයින් දහසක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පුටින්ට එරෙහිව රුසියාව පුරා විරෝධතා රැළි 90 ක් පමණ සංවිධානය කර ඇති බවයි.

විරෝධතා ආරම්භ වූයේ මොස්කව් නුවර කේන්ද්‍ර කරගනිමිනි.පසුගිය මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 76%ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පුටින් ජයග්‍රහණය කළේය. පශ්චාත් සෝවියට් යුගයේ රුසියානු නායකයෙකු ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව එය වේ.

ව්ලැදිමීර් පූටින් රුසියාව තුළ සිය දේශපාලන අණසක පතුරැවා මේ වනවිට වසර විසිපහකි. මේ අනුව පූටින් සෝවියට් රුසියාවේ හිටපු ඒකාධිපති පාලක ජෝෂප් ස්ටාලින්ගෙන් පසු වැඩිම කාලයක් බලයේ සිටි නායකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති. විරෝධතාකරුවන් පවසන්නේ පුටින් යළි බලය ලබාගත්තේ සාධාරණ ආකාරයකින් නොවන බවය. 

 

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00