2018 මැයි 05 වන සෙනසුරාදා

ධූලි කුණාටුවෙන් ඉන්දියාවේ 74ක් කම්මුතුයි!

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ඉන්දියානු භූමිය ස්වභාවික ඛේදවාචකයක් හේතුවෙන් අඟහරුවාදා හෙල්ලුම් කෑවේය. ඒ යෝධ දුහුවිලි කුණාටුවක් හේතුවෙනි. වැස්සත් සමඟ පැමිණි ධූලි කුණාටුව උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් පළාත්වල 74කට අධික පිරිසක් බිලිගෙන තිබුණි. බදාදා වන විට  එය අග නගරය වන දිල්ලිය වෙත කඩා පැන්නේය. සිදුව ඇති හානිය මෙතෙක් පූර්ණ ලෙස ගණනය කර නැත.

ප්‍රදේශ රැසක නිවාස වහල, දුරකථන සහ විදුලි කණු දහස් ගණනක් ද, ගස් වැල් ද මුලින්ම ඉදිරි ගොස් තිබුණි. බොහෝදෙනකු මියගොස් ඇත්තේ නිදා සිටියදී අකුණු සැර වැදී නිවාස කඩා වැටීමෙන්ය.

ග්‍රීෂ්ම ඍතුවේදී මෙම ප්‍රදේශය තුළ දූවිලි කුණාටු ඇති වීම සාමාන්‍ය දෙයක් වුවත් මෙවැනි විශාල ජීවිත විනාශයක් මින් පෙර වාර්තා වී නොමැත.

මේ වන විට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමනු ලැබ ඇත. දූවිලි කුණාටුවෙන් මියගිය පුද්ගලයන්ගේ පවුලේ ඥාතීන්ට ඉන්දියානු රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා දෙන බවට ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කරයි.

කුණාටුව කඩා වැදුණේ සුළු කාලයකට වුව ද ඵය ගුවන් ගමන්වලට බාධා පමුණුවන්නට ද සමත් විය. අන්තර්ජාතික සේවා ප්‍රමුඛ ගමන්වාර පහළොවකට ඩැඩි ප්‍රමාණයක් හරවා  යවන්නට යෙදුණි.

අගමැති මෝදි කණගාටුව පළ කරමින් විපතට පත් අයට සහන සලසන්නට නියෝග කළ්ය.  

 

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30