2018 මැයි 05 වන සෙනසුරාදා

ලෝකේ ලොකුම චිත්‍රපට ස්ටුඩියෝව

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 156

හොලිවුඩයට අභියෝගයක් වන ලෙසින් නිර්මාණය කර ඇති ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගරය චීනය විවෘත කර තිබේ. එය තුළ වාර්ෂිකව චිත්‍රපට සහ රූපවාහිනී ටෙලි නාට්‍ය 100 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව වාර්තාවේ. ඩොන්ග් ෆැන්ග් යින්ග් ඩු යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගාරය ඉදිකිරීමට වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 7යි දශම 9 කි. උතුරු චීනයේ වරාය නගරයක් වන කුයින්ග්ඩාවෝවල මෙය පිහිටා ඇත. චාලී චැප්ලින්, මැරිලින් මොන්රෝ සහ බෘස් ලීගේ  උඩුකය විශාල චිත්‍ර 3 ක් ද මෙහි ඇත.