2018 මැයි 05 වන සෙනසුරාදා

මැරෙන්න පිටරට ගිය විද්‍යාඥයා

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 143

ඩෙවිඩ් ගූඩාල් ඕස්ට්‍රේලියානු උද්භිද විද්‍යාඥයෙකි. වයස අවුරුදු 104ක් වන ඔහු තාමත් හෙම්බිරිස්සාවක් කැස්සක් හැර ඉහෙන් බහින රෝගයක් ඇති තැනැත්තකු ද නොවේ. නමුත් ඔහුට දැන් හිටියා ඇතැයි හදිසියේම සිතුණේය. මේ නිසා සිය ගම, රට හැර දැමූ ඔහු ස්විට්සර්ලන්තය බලා පිටත් වුයේය. තමන්ගේ රටේ මැරෙන්නට නිදහසක් නැති නිසාය. 

විද්‍යාඥ ගුඩාල් වරක්  සිය දිවි හානි  කරගන්නට තැත්කළ අතර එහෙයින් නැවතුණේ මානසික වෛද්‍යවරයකු ළඟය. ඔහු ඔහුටම හානිකර අයකු ලෙස තීන්දුව ලැබුණු අතර මිය යන්නට ආධාර ලබා ගන්නට අවසර ලැබුණි. නමුත් ඕස්ට්‍රේලියාවේ එයට පහසුකම් නැත. මේ නිසා එයට ආධාර සපයන ආයතනයක් ඇති ස්විට්සර්ලන්තය වෙත ඔහු ගියේ ඔහුගේ සමාජ ජාල ගිණුමේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ලැබුණ මුදලින් සුඛෝපභෝගි පන්තියේය. මැයි 10 වැනිදා මේ සුවිශේෂී විද්වතා ජීවිතයෙන් සමුගනු ඇත.

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00