2018 මැයි 05 වන සෙනසුරාදා

ෆේස්බුක් වංචා ආයතනය වැසේ

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

ෆේස්බුක් ආයතනයේ පරිශීලක දත්ත වංචනිකව භාවිතා කළ බවට චෝදනා ලද කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දමා තිබේ. එම සමාගම දිගින් දිගටම දැවැන්ත අලාභයක් ලැබීම හා සේවා අහිමි වීම හේතුවෙනි. 2016 අමෙරිකානු ජනාධිපතිවරණයේදී හා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ මත විමසුමේදී ෆේස්බුක් දත්ත භාවිතා කර කූට දේශපාලන සැලසුම් සිදු කළ බවට මෙම ආයතනයට චෝදනා එල්ල වී තිබුණි.

එහිදී ඔවුන් විසින් ෆේස්බුක් ගිණුම් මිලියන 87 ක දත්ත වංචා කර ඇති බවට අනාවරණ වී තිබේ. මේ සම්බන්ධයෙන් එෆ් බී අයි විමර්ෂනයක් ද ක්‍රියාත්මකයි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00