2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

පොදුරාජ්‍ය මණ්ඩලය ලන්ඩන් නුවරදී රැස්වෙති

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 33

පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් මේ දිනවල ලන්ඩනයෙ රුස්ව සිටිති. ලෝකයේ බිලියන 7.4ක් වූ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ එනම් බිලියන 2.4ක පමණ ජනතාවක් වෙසෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවලය. ඉන් වැඩි දෙනා අවුරුදු 30 ට අඩු වයසේ පසුවෙති. එයින් ජනගහනය වැඩිම රට ඉන්දියාවය. එහි ප්‍රමාණය පොදුරාජ්‍ය මණ්ඩලයේ සමස්ත ජනගහනයෙන් අඩකි. නමුත් අනෙක්  සාමාජික රටවල් 31ක  තරම් ප්‍රමාණයක සිටින්නේ මිලියන 1.5ක් හෝ ඊට අඩු ජනගහනයකි. මේ රටවල් බොහෝමයක් බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවැති ඒවාය. 

නමුත් රුවන්ඩා සහ මොසැම්බික් යන රටවල් පිළිවෙලින් 2009 හා 1995 දී පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත්තද එම රටවල් කිසිදිනෙක බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට හෝ ව්‍යවස්ථාමය වශයෙන් හෝ සම්බන්ධයක් නොවීය. මෙම රටවල් එකතුවේ ඇතැම් සාමාජිකයෝ එය හැරගිය අවස්ථාද තිබේ. රොබට් මුගාබේ 2003 වසරේදී සිම්බාබ්වේ ඉවත් කරගත්තේය. මැතිවරණ වංචා කළ බවට වූ වාර්තා හමුවේ එරට සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසු එය සිදුවිණි. 1999 දී වූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව පාකිස්තානයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර ඉන් වසර හතරහමාරකට පසු යළි එය පිරිනැමීය. අවසන්වරට පොදුරාජ්‍ය මණ්ඩලය හැරගිය සාමාජික රට වූයේ මාලදිවයිනය. 2016 වසරේදී එය සිදුවිණි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ වැඩි රටවල් ගණනක් ජනරජ වෙති. ලෙසොතෝ, ස්වාසීලන්තය, බෘනායි, දාරැස්සලාම්, මැලේසියාව, සැමෝවා හා ටොංගා යන රටවල පමණක් ඔවුන්ගේ කිරීටයක් පවතී. කොටින්ම ලෝක භූමි ප්‍රමාණය අතින් සලකන විට ඉන් හතරෙන් එකක් පමණ පොදුරාජ්‍ය මණ්ඩලයට හිමිය.

භූමිය අනුව කණ්ඩායමේ විශාලතම සාමාජිකයා වන්නේ ලෝකයේ දෙවෙනි විශාලතම රට වන කැනඩාවය. ඉන්දියාව හා ඔස්ට්‍රේලියාවද විශාලත්වයෙන් වැඩි සාමාජිකයෝ වෙති. නමුත් සාමාජිකයින් බහුතරයකගේ භූමි ප්‍රමාණය සලකන විට කුඩාය. පැසිෆික් දූපත් වන නාවුරු, සැමෝවා, ටුවාලු සහ වනුවාටු මෙන්ම කැරිබියානු දූපත් වන ඩොමිනිකා, ඇන්ටීගා සහ බාර්බූඩා ඒ අතර වේ.

1949 දී නූතන පොදු රාජ්‍ය මණ්ඩලය බිහිවූයේ “බ්‍රිතාන්‍ය” සිය නීතිය තුළ කිරීටයෙන් සිය නම හා බැඳීම ඉවත් කරගත් පසුය. හයවෙනි ජෝර්ජ් රජු සහ දෙවෙනි එලිසබෙත් රැජින පමණක් මෙතෙක් සංවිධානයේ මුල් තැන හෙබවූ අතර වේල්සයේ කුමරු (චාල්ස් කුමරු) රජ වූ පසු එම තැනට පත්වෙතැයි පුළුල්ව අපේක්ෂා කෙරුණ ද එය ප්‍රවේණිගත භූමිකාවක් නොවේ.

ස්වාධීන රටවල “නිදහස් සංගමය” පිහිටුවාගත් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානිය පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෝ වූහ.

2012 වසරේදී සිය ප්‍රඥප්තිය ක්‍රියාවට නගන තෙක් පොදුරාජ්‍ය මණ්ඩලයට ව්‍යවස්ථාවක් නොවිණි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, තිරසර සංවර්ධනය හා ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව යනාදිය ඇතුළත් අගැයිම් දහසයකින් සමන්විත ප්‍රඥප්තියට සාමාජිකයෝ එකඟ වෙති.

පශ්චාත් - යටත්විජිත සමාජයක් හා එතරම් බලපෑමක් නැති සංවිධානයක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් විවේචන එල්ල විණි. එය “නව යටත්විජිතවාදී ආයතනයක්” ලෙස හඳුන්වමින් 2013 දී ගැම්බියාව සංවිධානයෙන් ඉවත්විණි.

සංවර්ධනාත්මක සහාය සහ ජාත්‍යන්තර ඉලක්ක අරභයා වූ සහයෝගීතාව ඇතුළුව සාමාජිකයින් හට මෙම සංවිධානයෙන් ප්‍රතිලාභ ඇතිවන බව ඊට සහය දක්වන්නෝ පවසති.

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00