2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ෆින්ලන්තයේ රොබෝ ගුරුවරු

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 146

ෆින්ලන්තයේ පාසැලක බලධාරීන් රොබෝ ගුරුවරුන් යොදාගැනීම සම්බන්ධයෙන් අත්හදා බැලීමක් සිදුකර තිබේ. ඒ සඳහා රොබෝ යන්ත්‍ර කිහිපයක් යොදාගෙන ඇත. එලායස් යනුවෙන් නම් කර තිබෙන රොබෝ මේ පාසලේ නව භාෂා ගුරුවරයායි. මේ රොබෝට භාෂා 23ක් තේරුම් ගැනීමට සහ කතා කිරීමට හැකිය.

සිසුන්ගේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාදීමට මෙන්ම ගැන්ග්නම් නර්තනයටත් එලායස් හපන්කම් දක්වයි. ඔවොබොට් යනුවෙන් හඳුන්වන රෝබෝ ගණිතය විෂය උගන්වයි. ප්‍රමාණයෙන් ඉතා කුඩා ඔවොබොට් නිර්මාණය කර තිබෙන්නේ වවුලෙකුට සමාන අයුරින්ය.

රොබෝවරුන්ගෙන් ඉගෙන ගැනීම මේ පාසැලේ සිසුන්ටත් අපූරු, ප්‍රීතිමත් අත්දැකීමක් වී තිබේ. ෆින්ලන්තය මෙන්ම අමෙරිකාව, මැදපෙරදිග ඇතුළු ලොව බොහෝ රටවල් පන්ති කාමර තුළ ඉගැන්වීමේ කටයුතු සඳහා රොබෝවරුන් යොදාගනු ලබයි.

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00